English English සිංහල සිංහල தமிழ் தமிழ்

මහ රැජිණගේ දේහය සදාතනික නින්දේ සතපවයි.

Facebook
Twitter
LinkedIn

දශක හතක කාලයක් හිරු නොබසින අධිරාජ්‍යයේ කිරුළ දැරූ දෙවැනි එලිසබෙත් මහ රැජිණගේ දේහය රාජකිය සුරක්ෂිතාගාරයේ තැන්පත් කරනු ලැබුවා.

ඒ, ශාන්ත ජොර්ජ් රාජකීය දෙව් මැදුරේ ඊයේ පැවති අවසන් දේව මෙහෙයෙන් අනතුරුවයි.

භාර කිරීමේ මෙහෙය නිම කිරීමෙන් පසු තුන්වන චාල්ස් රජු සහ රාජකීය පවුලේ සාමාජිකයින් දේවස්ථානයෙන් පිටව ගියා.

ඉන් පසු පැවැත්වුණු පවුලේ දේව මෙහෙයකින් අනතුරුව රැජිණගේ දේහය ඇගේ ස්වාමි පුරුෂයා වූ පිලිප් කුමරුගේ දේහය සහ දෙවන එළිසබෙත් රැජිණගේ පියා වූ හයවන ජෝර්ජ් රජුගේ දේහය තැන්පත් කර ඇති අනුස්මරණ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබුවා.

මෙම සුසානය මෙලෙස විවෘත කෙරුණේ වසර විස්සකට පසු එනම්, 2002 වසරේදී සිදුවූ මව් රැජිණගේ අභාවයෙන් පසු පළමු වරටයි.

ඒ අනුව දෙවන එළිසබෙත් මහ රැජිණ එහි සදාතනික නින්දේ සැතපවීමත් සමඟ බ්‍රිතාන්‍ය කිරීටයේ තවත් පරිච්ඡේදයක නිමාව සටහන් වුණා. බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණ පසුගිය අටවනදා රෝගී තත්වයක් හේතුවෙන් ස්කොට්ලන්තයේ බැල්මොරල් මාළිගයේදී අභාවප‍්‍රාප්ත වනවිට 96 වන වියේ පසුවුණා.

බැල්මොරල් මාළිගාවේ තැන්පත් කර තිබූ ඇයගේ දේහය අනතුරුව මහජන ගෞරවය සඳහා එඩින්බරෝ හි ශාන්ත ජයිල් ආසන දෙව් මැදුර වෙතත්, පසුව ලන්ඩන් නුවර බකිංහැම් මාළිගය වෙතත් රැගෙන එනු ලැබුවා.

අනතුරුව බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ වෙස්මිනිස්ටර් ශාලාව වෙත රැගෙන ආ දේහය මහජන ගෞරවය සඳහා දින හතරක කාලයක් එහි තැන්පත් කර තිබුණා.

සැතපුම් 10 ක් ඉක්මවූ දිගු පෝලිම්වල රැඳී සිටිමින් ලක්ෂ හතක් ඉක්මවූ ජනකායක් එහි පැමිණ සිටි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කෙසේ වෙතත් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට ලබාදී තිබූ අවස්ථාව ලන්ඩන් වේලාවෙන් ඊයේ උදෑසන අවසන් වූ අතර, ඒ අනුව පැමිණ සිටි විශාල පිරිසකට ආපසු හැරී යාමටද සිදුවුණා.

මහරැජිණගේ දේහය රාජ්‍ය අවමංගල්‍ය උත්සවය පැවැත්වීම සඳහා වෙස් මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත රැගෙන යනු ලැබූ අතර, ඇයගේ දරුවන් වන තුන්වන චාල්ස් රජු, ඈන් කුමරිය, ඇන්ඩෲ සහ එඞ්වඞ් ආදිපාදවරුන් මෙන්ම රැජිණගේ මුණුබුරන් වූ විලියම් කුමරු සහ පීටර් පිලිප් ආදිපාදවරයාද පෙරහරට එක්ව සිටියා.

එහිදී රාජකීය නාවික හමුදා සෙබළුන් එකසිය හතලිස් දෙදෙනෙකු විසින් ඇදගෙන යනු ලැබූ විශේෂ කරත්තයකින් මහ රැජිණගේ දේහය රැගෙන යාම විශේෂත්වයක්.

1952 වසරේදී රැජිණගේ පියා වන හයවන ජෝර්ජ් රජුගේ අවමංගල්‍ය උත්සවය සඳහා යොදාගත් මෙම කරත්තය 1979 වසරේදී මවුන්ට්බැට්න් සාමිවරයාගේ අවමංගල්‍යය අවස්ථාවට යොදාගත් අතර, ඉන්පසු එම කරත්තය භාවිත වන්නේ පළමුවරටයි.

රාජකීය ගෞරව සහිතව ගමන් ගත් රැජිණගේ දේහය රැගත් පෙරහර ඊයේ ලන්ඩන් වේලාවෙන් පෙරවරු 10.53 ට වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත ළඟාවූ අතර, ඒ වනවිටත් එහි 2,000 ඉක්මවූ ආරාධිතයින් සහ සම්භාවනීය අමුත්තන් එක්රැස්ව සිටියා.

පැයකට ආසන්න කාලයක් පැවති රාජකීය අවමංගල්‍ය උත්සවයෙන් අනතුරුව විනාඩි දෙකක ජාතික නිශ්ශබ්දතාවක් පැවැත්වුණා.

ත‍්‍රිවිධ හමුදාව සහ පොලිසියේ මූලිකත්වයෙන් දේහය වෙලින්ටන් ආක් වෙත විශේෂ අවමංගල්‍ය පෙරහරක් මගින් රැගෙන යනු ලැබුවේ ඉන් අනතුරුවයි.

මෙම ගමන පුරා සෑම මිනිත්තුවක් තුළම බිග්බෙන් ඔරලෝසුව නාද කෙරුණු අතර, සෑම මිනිත්තුවකටම වරක්ම හයිඞ්පාක් හි සිට ආචාර වෙඩි මුර පවත්වනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000