/
/
title icon පහර කෑමකින් පොලිස් නිලධාරියෙකු රෝහල් ගත කෙරේ.
පහර කෑමකින් පොලිස් නිලධාරියෙකු රෝහල් ගත කෙරේ.
Editor
1 year ago
Share:
පහර කෑමකින් පොලිස් නිලධාරියෙකු රෝහල් ගත කෙරේ.

මහමඟ ගමන් කරමින් සිටි කාන්තාවකගේ අත්බෑගයක් පැහැර ගෙන යමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුකළ පහරදීමකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මාරවිල – කුරුසපල්ලිය ප‍්‍රදේශයේදී ඊයේ පස්වරුවේ මෙම පහරදීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්බෑගය පැහැරගැනීමෙන් පසු අදාළ පොලිස් නිලධාරියා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අවස්ථාවේදී තියුණු ආයුධයකින් ඔහු පොලිස් නිලධාරියාට පහරදී ඇති බව සඳහන්.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ මාරවිල පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required