English English සිංහල සිංහල தமிழ் தமிழ்

දුම්රියේ වේගය අඩු වෙයි – පමාව වැඩි වෙයි.

Facebook
Twitter
LinkedIn

දුම්රිය අමතර කොටස් නොමැතිවීම නිසා මේ වනවිට දෛනිකව ධාවනය වන දුම්රිය ගමන්වාර 14 ක් පමණ අවලංගු කිරීමට පාලනාධිකාරිය කටයුතු කිරීම හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව ශ‍්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

එසේම, දුම්රියවලට අවශ්‍ය ලිහිසි තෙල් නොමැතිවීම සහ එන්ජින් වලට මෙන්ම මැදිරිවලට අවශ්‍ය විවිධ අමතර කොටස් වල දැඩි හිඟයක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එම ගැටලූවලට කඩිනම් මැදිහත් වීමක් සිදුකිරීමට දුම්රිය පාලනාධිකාරිය කටයුතු කරන්නේ ද යන්න ගැටලූවක් බව ද දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

එසේම, ඔවුන් පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ දෙපාර්තමේන්තුවේ 19,382 ක සේවක සංඛ්‍යාවක් සිටිය යුතු වුව ද මේ වනවිට සේවය කරනු ලබන්නේ 10,500 කට ආසන්න සේවක සංඛ්‍යාවක් බවයි.

මේ අතර පසුගිය දිනවල මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කිහිපයක් පීලි පැනීමට ලක් වූ අතර පවතින තත්ත්වය හමුවේ දුම්රිය ධාවනය වේග සීමා පනවා සිදුකිරීම හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවයකට පත්වන බවයි ශ‍්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කියා සිටියේ.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න කියා සිටියේ මේ වනවිට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වේගය පැයට කිලෝමීටර් 20 කට පමණ සීමා කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000