/
/
title icon ජනපතිගෙන් ඩයස්පෝරාවට ආරාධනයක් – චාල්ස් රජුත් හමුවෙයි.
ජනපතිගෙන් ඩයස්පෝරාවට ආරාධනයක් – චාල්ස් රජුත් හමුවෙයි.
Editor
1 year ago
Share:
ජනපතිගෙන් ඩයස්පෝරාවට ආරාධනයක් – චාල්ස් රජුත් හමුවෙයි.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සහ බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු අතර හමුවක් බකිංහැම් මාලිගයේදී සිදුවුණා.

ඒ අභාවප‍්‍රාප්ත දෙවන එලිසබෙත් මහරැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා ලන්ඩනයට පැමිණි ලෝක නායකයින් සහ තුන්වන චාල්ස් රජු අතර පැවති සුහද හමුවකට සමගාමීවයි.

මේ අතර, ජනාධිපතිවරයා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්රීෂියා ස්කොට්ලන්ඞ් ද හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය ප‍්‍රකාශ කළා.

බ්‍රිතාන්‍යයේ සිටින ශ‍්‍රී ලාංකික ඩයස්පෝරාව හමුවූ ජනාධිපතිවරයා මෙරට නව ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙස ඔවුන්ට ආරාධනා කර තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ අද සිට රටේ ණය ගෙවීම සඳහා වසර 25 ක් පමණ අවශ්‍ය බවයි.

ඒ අනුව, නිදහසට වසර 100 ක් වන විට සමෘද්ධිමත් සමාජයක් කරා යා හැකි වන බව ද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

බලය බෙදීමේ මූලික කරුණු කිහිපයක් පිළිබඳව ද අවධානය යොමුකර ඇති බව සඳහන් කළ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ හැකි අයුරින් ශ‍්‍රී ලංකාවට උපකාර කරන ලෙසයි මෙහිදී ඉල්ලා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required