/
/
title icon ජාතික සභා යෝජනාව මැතිසබයේදී සම්මතයි.
ජාතික සභා යෝජනාව මැතිසබයේදී සම්මතයි.
Editor
1 year ago
Share:
ජාතික සභා යෝජනාව මැතිසබයේදී සම්මතයි.

යෝජිත ජාතික සභාව හෙවත් පාර්ලිමේන්තු කාරක සභාව පිළිබද යෝජනාව ඡන්ද විමසීමකින් තොරව විවාද කිරීමෙන් අනතුරුව ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින්.

ජාතික සභාවේ සභාපතිත්වය කථානායකවරයාට හිමිවනවා. එමෙන්ම අග‍්‍රමාත්‍යවරයා, සභානායකවරයා, විපක්ෂනායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා සහ පිළිගත් දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 35 කට නොවැඩි සංඛ්‍යාවකින් ජාතික සභාව සමන්විත විය යුතු බවටයි අද සම්මත වූ යෝජනාවේ සඳහන් වන්නේ.

ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක සහ ඩලස් අලහප්පෙරුම ප‍්‍රමුඛ කණ්ඩායමද අදාළ යෝජනාවට විරුද්ධත්වය ප‍්‍රකාශ කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required