/
/
title icon ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම ගැන ඉන්දියාව, ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා අරඹයි.
ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම ගැන ඉන්දියාව, ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා අරඹයි.
Editor
1 year ago
Share:
ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම ගැන ඉන්දියාව, ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා අරඹයි.

ශ්‍රී ලංකාව සමඟ සිය ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව ඉන්දියාව පවසනවා.

ඊට අදාළව පළමු වටයේ සාකච්ඡා පසුගිය 16 වනදා පැවති බවට මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පැවසූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.

මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ එම සාකච්ඡා සුහදශීලීව පැවති බවයි.

එහිදී ඉන්දියාව වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ ආර්ථික අර්බුදයට ගොදුරුව සිටින සිය අසල්වැසියාට සහය ලබාදෙන බවයි.

ඒ සඳහා ඩොලර් බිලියන 04 කට ආසන්න මූල්‍ය ආධාර ලබාදීමෙන් පසුව වූවද, ප‍්‍රධාන වශයෙන් දිගුකාලීන ආයෝජන හරහා ඊට අවශ්‍ය සහය ලබාදෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශී‍්‍ර ලංකාව වෙනුවෙන් වන වැඩසටහන සඳහා කඩිනමින් අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප‍්‍රකාශ කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required