English English සිංහල සිංහල தமிழ் தமிழ்

විදුලි බිල ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනපතිට ලිපියක්.

Facebook
Twitter
LinkedIn

ආගමික සිද්ධස්ථාන වෙත මේ තාක්කල් ලබා දී තිබූ සහනශීලි විදුලි ගාස්තු ක‍්‍රමය පසුගිය අගෝස්තු මාසයේ සිට අහෝසි කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු කිරීම කණගාටුවට කරුණක් බව ත්‍රෛනිකායික මහා සංඝරත්නය පවසනවා. ඒ, ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින්.

මහනාහිමිවරුන් පෙන්වා දෙන්නේ ආගමික සිද්ධස්ථාන වෙතින් ලබාදෙන සමාජ දායකත්වය පිළිබ`දව අවධානය යොමුකරමින් විදුලි ගාස්තු සම්බන්ධයෙන් ආගමික සිද්ධස්ථාන ස`දහා ක‍්‍රමවත් සහනශීලි නව විදුලි ගාස්තු ප‍්‍රතිපත්තියක් සකස් කළ යුතු බවයි.

රට තුල උද්ගතව ඇති ආර්ථික අර්බුදයේ ගැඹුර මනාව අවබෝධකොට ගෙන අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන ලෙස විහාරාධිපති ස්වාමින් වහන්සේලා දැනුවත් කර ඇති බව ද එහි දැක්වෙනවා.

එසේම ශිෂ්‍ය පිරිස් සහ දායකයන් ද ඒ සඳහා උනන්දු කරවීමට බොහෝ විහාරස්ථාන මගින් කටයුතු කෙරෙන බවත්, අදාළ ලිපියෙන් ජනාධිපතිවරයාට දැන්වීමටයි පියවර ගෙන ඇත්තේ.

නව විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් මේ වනවිට බෞද්ධ විහාරස්ථාන, පිරිවෙන් අධ්‍යාපන ආයතන ඇතුළු ආගමික සිද්ධස්ථාන පවත්වාගෙන යාම අතිශයින් දුෂ්කර වී ඇති බව ද මහානාහිමිවරුන් පෙන්වා දෙනවා.

දැරිය නොහැකි අධික විදුලි ගාස්තු හේතුවෙන් ආගමික සිද්ධස්ථාන පරිපාලන කටයුතු සිදුකරන ආගමික නායකයින් ද දැඩි පීඩනයකට පත්ව ඇති බව ජනාධිපතිවරයාට යොමුකළ ලිපියෙන් දක්වා තිබෙනවා.

පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් වෙත යොමුවෙමින් මෙම අර්බුදය කළමනාකරණය කර ගනිමින් මහජනතාව වෙත සහනශීලි ගාස්තු ක‍්‍රමයක් යටතේ විදුලිය ලබාදීමට බලශක්ති ක්ෂේත‍්‍රය නියෝජනය කරන සියලූම අංශ යුහුසුලූව කටයුතු කළ යුතු බව විශ්වාස කරන බව ද මහානාහිමිවරුන් යොමුකළ ලිපියේ සඳහන්.

මහජන මුදල් අවභාවිතය සහ විනාශය වැළැක්වීමට නිසි යාන්ත‍්‍රණයක් සකස් නොකොට ආර්ථික අර්බුදයේ සමස්ත බර මහජනතාව මත පටවමින් කටයුතු කිරීම අනුමත කළ නොහැකි බව ද එමගින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

එබැවින් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ කඩිනම් අවධානය යොමුකරනු ඇතැයි අපේක්ෂා කරන බවයි ලිපිය අවසන් කරමින් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ප‍්‍රකාශ කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000