/
/
title icon ඇමතිකම් ගත් මන්ත්‍රීවරුන් නිදහස් පක්ෂයේ තනතුරුවලින් නෙරපයි.
ඇමතිකම් ගත් මන්ත්‍රීවරුන් නිදහස් පක්ෂයේ තනතුරුවලින් නෙරපයි.
Editor
1 year ago
Share:
ඇමතිකම් ගත් මන්ත්‍රීවරුන් නිදහස් පක්ෂයේ තනතුරුවලින් නෙරපයි.

ආණ්ඩුවේ තනතුරු ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂයේ සියළු තනතුරුවලින් හා මධ්‍යම කාරක සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට නිදහස් පක්ෂ නායකත්වය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කැබිනට් අමාත්‍ය ධූර ලබාගත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ සහ රාජ්‍ය අමාත්‍ය ධූර ලබාගත් මන්ත්‍රීවරුන් 05 දෙනෙකුගේ සාමාජිකත්වයි මෙලෙස අත්හිටුවා ඇත්තේ.

පක්ෂ ව්‍යවස්ථාවෙන් සභාපතිවරයාට පැවරී ඇති බලතල වලට අනුව මෙම විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර ඉදිරි මැතිවරණවලට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම ප‍්‍රධානත්වය දරන ‘‘නිදහස ජනතා සභාව’’ සමඟ එක්ව තරඟ කිරීමට බලාපොරොත්තු වන බව උත්තර ලංකා සභාගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ එම සභාගයේ නියෝජිත හමුවකට කොළඹදී ඊයේ එක්වෙමින්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required