English English සිංහල සිංහල தமிழ் தமிழ்

විශේෂඥ වෛද්‍යවරුන් 300 ක් දෙසැම්බර් 31 විශ‍්‍රාම යයි – සෞඛ්‍ය සේවාව අර්බුදයක.

Facebook
Twitter
LinkedIn

රාජ්‍ය සේවයේ අනිවාර්ය විශ‍්‍රාම ගැන්වීමේ වයස අතුරු අයවැයෙන් අවුරුදු 60 ක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමත් සමග එළඹෙන දෙසැම්බර් 31 වනදායින් පසුව විශේෂඥ වෛද්‍යවරුන් 300 කට ආසන්න සංඛ්‍යාවක් විශ‍්‍රාම යාමට නියමිතව ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එය දිනක් තුල වෛද්‍ය විශේෂඥයින් වැඩිම පිරිසක් විශ‍්‍රාම යන දිනය වනු ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ.

එය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ විශාල අර්බුදයකට හේතුවක් වනු ඇතැයි සැකයක් නොමැති බව එහි දැක්වෙනවා.

නව තත්ත්වය හමුවේ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 43 ක්, මහනුවර ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 30, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 17 ක්, ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 15 ක් සහ මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 9 දෙනෙකු විශ‍්‍රාම ගැන්වෙනු ඇති.

එසේම, ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කම් සඳහා එක්වන පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් 33 දෙනෙකු පමණ මෙරට දැනට සේවයේ නිරතව සිටින අතර, ඉන් 08 දෙනෙකු නව තීරණයත් සමඟ දෙසැම්බර් 31 වැනිදා විශ‍්‍රාම යෑමට නියමිතයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ එම වෛද්‍යවරුන් 33 දෙනා අතරින් දෙදෙනෙකු මේ වනවිටත් විශ‍්‍රාම ගොස් ඇති බවයි. තවත් පස් දෙනෙකු විදේශගතවී ඇති අතර, සිව් දෙනෙකු විදේශගතවීමේ සූදානමින් පසුවනවා.

ඒ අනුව පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ඉතිරි වන්නේ 14 දෙනෙකු පමණක් බව පවසන ඔවුන්, ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කම් සඳහා මහරගම අපේක්ෂා රෝහලේ මේ වනවිට දින ලබාදෙන්නේ 2025 වසර සඳහා බවද පෙන්වා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000