/
/
title icon සනීපාරක්ෂක තුවා බදු අඩු කෙරේ.
සනීපාරක්ෂක තුවා බදු අඩු කෙරේ.
Editor
1 year ago
Share:
සනීපාරක්ෂක තුවා බදු අඩු කෙරේ.

කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති බදු අඩු කිරිමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ ප‍්‍රකාශ කළා.

රජයේ ආදායම වැඩි කරගැනිමේ අවශ්‍යතාව පිළිබද කල් තැබීමේ විවාදයට ඊයේ පාර්ලිමේන්තුවේදි එක්වෙමිනුයි ඇය මේ බව කියා සිටියේ.

මේ අතර, පසුගිය 08 වනදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත මේ වනවිට බලාත්මක වනවා.

ඒ, ඊට අදාළ පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ අත්සන් තැබීමත් සමඟයි.

රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සහ කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ආර්ථිකය නැවත ගොඩනැගීමේ අරමුණින් මෙම සමාජ ආරක්ෂණ බද්ද 2022 අයවැය මඟින් හදුන්වා දෙනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required