/
/
title icon රාජ්‍ය ඇමති චාමර සම්පත් බදුල්ලේදී ගුටි කන්න යයි.
රාජ්‍ය ඇමති චාමර සම්පත් බදුල්ලේදී ගුටි කන්න යයි.
Editor
1 year ago
Share:
රාජ්‍ය ඇමති චාමර සම්පත් බදුල්ලේදී ගුටි කන්න යයි.

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකට බදුල්ල ප‍්‍රදේශයේ වෙළඳසැලක් අසලදී පුද්ගලයෙකු විසින් පහරදීමට උත්සාහ කර තිබෙනවා.

බීමතින් සිටි බවට පැවසෙන මෙම පුද්ගලයා ඔහු සතුව තිබූ හෙල්මටයකින් අමාත්‍යවරයාට පහරදීමටයි උත්සාහ කර ඇත්තේ.

එම අවස්ථාවේදී අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියා විසින් එය වළක්වා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක බදුල්ල පොලීසිය වෙත පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.

අමාත්‍යවරයාට පහරදීමට තැත්කරන ආකාරය අසල තිබූ සීසීටීවී කැමරාවකද සටහන් වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required