English English සිංහල සිංහල தமிழ் தமிழ்

මිනුවන්ගොඩ පාසලක සිසුවියක් දිවා ආහාරයට පොල් මද කයි.

Facebook
Twitter
LinkedIn

ආහාරය සඳහා කලටි පොල්මද රැගෙන ආ සිසුවියක පිළිබඳව මිනුවන්ගොඩ පාසලකින් වාර්තා වුණා.

පවතින ආර්ථික අර්බුදය හමුවේ දරුවන් මුහුණ දෙන අපහසුතා අනන්ත බව සැඟවීමට කරුණක් නොවේ.

කුසගින්න නිසා පාසලේ බුද්ධ පූජාව ආහාරයට ගත් දරුවන් දෙදෙනෙකු ගැන මෙන්ම, මිරිස් කුඩු පමණක් ඉස බත් ආහාරයට ගත් සිසුවියක පිළිබද තොරතුරු වාර්තා වී තවම වැඩි දිනක් ගතවී නැහැ.

එවන් වටපිටාවක් තුළ පාසල් දිවා ආහාරයට කළටි පොල් මද රැගෙන ආ සිසුවියක් පිළිබඳව තොරතුරු මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ කනිෂ්ඨ ද්වීතියික පාසලකින් වාර්තා වනවා.

පාසලේ ශිෂ්‍ය නායිකාවක් ද වන ඇය 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ඇයගේ පියා කුලී රැකියාවක නිරතවන බව සඳහන්.

පාසල් දිවා ආහාර කාලය තුළ මෙම සිසුවිය මිතුරියන් සමඟ එක්ව කළටි පොල් මද ආහාරයට ලබා ගන්නා ආකාරය දැක ඇත්තේ පන්තිභාර ගුරුතුමිය විසින්. පසුව එම ගුරුතුමිය පාසලේ අනෙකුත් ගුරුභවතුන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර පාසලේ සිටින එවැනි ළමුන් කිහිප දෙනෙකුට ආහාර සපයා දීමටද කටයුතු කර තිබෙනවා.

මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ අඩු ආදායම්ලාභි දෙමාපියන් රැසකගේ දරුවන් පැමිණෙන්නේ මෙම කනිෂ්ඨ ද්වීතියික පාසල වෙතයි.

මෙම පාසලේ පළමු ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය සඳහා ඉගෙනුම ලබන දරුවන්ට දිවා ආහාරය ලබා දිමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වනවා. ඒ අනුව පෙරේදා එම පාසලේ සිසුන්ට දිවා ආහාරය සඳහා බත් සමඟ පරිප්පු ලබා දි ඇති අතර පසුව පරිප්පු අවසන් විම නිසා 3 ශ්‍රේණියේ දරුවන්ට බත් පමණක් ආහාරයට ලබා දි ඇති බව අප වාර්තාකරු ප‍්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000