English English සිංහල සිංහල தமிழ் தமிழ்

ත්‍රීපෝෂවල ඇෆලටොක්සීන් අඩංගු නැහැ – සෞඛ්‍ය ඇමති චෝදනා ප‍්‍රතික්ෂේප කරයි.

Facebook
Twitter
LinkedIn

කුඩා දරුවන්ට මෙන්ම ගර්භණී හා කිරිදෙන මව්වරුන්ට ලබාදෙන තී‍්‍රපෝෂවල පිළිකා කාරක ඇෆලටොක්සීන් අඩංගු බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සිදුකළ ප‍්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.

එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු එහිදී කියා සිටියේ.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ ප‍්‍රධානියා මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා කරන ලද ප‍්‍රකාශය තහවුරු කළා.

පිළිකා කාරක ඇෆලටොක්සීන් සම්බන්ධයෙන් පසුගිය කාලයේදී දැඩි කතාබහක් ඇතිවුණේ ආහාර පිසීමට භාවිතයට ගන්නා පොල්තෙල්වල ඒවා අන්තර්ගත බවට අනාවරණ වීමත් සමගයි.

කෙසේ වෙතත්, ඇෆලටොක්සීන් යළිත් කරලියට පැමිණියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ති‍්‍රපෝෂ සම්බන්ධයෙන් සිදුකළ ප‍්‍රකාශයත් සමගයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා කළ අනාවරණය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධනගෙන්කළ විමසීමේදී ඔහු කියා සිටියේ අදාළ ප‍්‍රකාශය අසත්‍යයක් නොවන බවයි.

මීට මාස කිිහිපයකට පෙර ඇෆ්ලටොක්සීන් අඩංගු ත්‍රීපෝෂ සොයා ගත් නමුත් එම තොග වහාම ඉවත් කිරීමට පියවර ගත් බව ඔහු සඳහන් කළා.

මෙලෙස පිළිකා කාරක අඩංගු ත්‍රීපෝෂ හමුවී ඇත්තේ කළුතර සෞඛ්‍ය වෛද්‍ය ආයතනය ආසන්නයෙන් ලබා ගත් සාම්පලවලින් බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ සඳහන් කළේ.

මේ අතර, පසුගියදා යළි එකතු කිරීමට කටයුතු කරනු ලැබුවේ කල් ඉකුත් වීමට මාසයක් පැවති ති‍්‍රපෝෂ පමණක් බව ත්‍රීපෝෂ සමාගම පවසනවා. එහි සභාපති දීප්ති කුලරත්න කියා සිටියේ ඇෆලටොක්සීන් සම්මත මට්ටමට අනුව නිෂ්පාදනය කළ ත්‍රීපෝෂ පමණක් වෙළඳපොලට නිකුත් කර ඇති බවයි.

කෙසේ වෙතත්, ඊයේ දිනයේදී මතභේදයට තුඩු දී ඇති ත්‍රීපෝෂවල ඇෆලටොක්සීන් අඩංගු බවට වන ගැටළුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා මෙන්ම ත්‍රීපෝෂ සමාගමේ සභාපතිවරයා ඇතුළු බලධාරීන් රැසක් එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එසේම, මේ සම්බන්ධයෙන් අනාවරණය සිදුකළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණද ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයට කැඳවා තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000