/
/
title icon කොල්ලකරුවෙකුගේ පිහි පහරින් තරුණයෙකු මරුට.
කොල්ලකරුවෙකුගේ පිහි පහරින් තරුණයෙකු මරුට.
Editor
1 year ago
Share:
කොල්ලකරුවෙකුගේ පිහි පහරින් තරුණයෙකු මරුට.

ගම්පහ – පහළගම මාර්ගයක ගමන් ගත් කාන්තාවක්ගේ බෑගය සහ රන් මාලයක් කොල්ලකෑමට තැත්කළ කොල්ලකරුවකුගේ පිහි ප‍්‍රහාරයට ලක්ව 29 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ එම ප‍්‍රදේශයේම පදිංචි විවාහක පුද්ගලයෙක්.

මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ තවත් යෙහෙළියක මාර්ගයේ ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි යුවල එක් කාන්තාවක් අත වු බෑගය සහ ඇගේ රන් මාලය කොල්ලකෑමට උත්සහ කර තිබුණා.

එම අවස්ථාවේ ඔවුන්ගේ කෑගැසීම ඇසී මරණකරු ඇතුළු පිරිසක් කොල්ලකරුවන් පසුපස හඹා යද්දී කොල්කරුවන් පැමිණිි යතුරුපැදිය පෙරලා තිබෙනවා.

පසුව ඔවුන් අල්ලා ගැනීමට යාමේදී කොල්කරුවගේ පිහි ප‍්‍රහාරයට ලක්ව රෝහල් ගත කිරීමට යන අතරතුර මියගොස් තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු සහ සැකකාරිය පොලිසිය හඳුනාගෙන තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required