/
/
title icon නැවතීමෙි තිතක් නොමැති අලි මිනිස් ගැටුමි.
නැවතීමෙි තිතක් නොමැති අලි මිනිස් ගැටුමි.
Editor
1 year ago
Share:
නැවතීමෙි තිතක් නොමැති අලි මිනිස් ගැටුමි.

මානවයා මිනිසෙකු වශයෙන් ජීවත් වීමට පටන් ගත් දා සිටම විවිධ යුගයන් පසු කරමින් විවිධ හැල හැප්පීම් වලට ලක් වෙමින් පරිනාමය වූ අයෙකි. ඒසේ පරිනාමය වූ ගමනේ දී සංවර්ධිත ශ්‍රි ලංකාවක් කරා රැගෙන යාමට මහා විශාල කොන්ක්‍රීටි වනාන්තර ඉදි කිරීමට ව්‍යාපෘති හා වැාසටහන් සංවිධානය කරන ලද්දේ විශාල බදු මුදල ප්‍රමාණයක් මිනිසාගේ උර මත හෙළමිනි. නමුත් ඒ්වායෙහි ඵල මෙි වන විට ලැබී තිබෙනවාද යන්න ගැටලුවකි. කෙසේ වුවත් මිනිසා අතීතයේ සිටම සංවර්ධනයක් පිළිබද නොසිතූ අවධියේ සිටම සතුන් සහ මිනිසා අතර විවිධාකාරයේ සමිබන්ධතා ගොඩනැගී තිබෙි. ගොවි යුගයේ සිටම මිනිසා ඇතැමි සතුන් සුරතලය සදහාද තම වැඩ පහසු කර ගැනීම සදහාද මෙන්ම මස් ලෙස අහාරයට ගැනීම සදහාද සතුන් භාවිතා කර තිබෙි.

වර්තමානය වන විට මිනිසා සහ සතුන් අතර පවත්නා සමිබන්ධය කියූ සැණින් සිහියට නැගෙන්නේ ග්‍රාමීය ප්‍රදේශයන් තුළ පවත්නා වල් අලින් සහ මිනිසා අතර පවත්නා ගැටුමි ය. මෙය මෙි වන විට සමාජයේ ප්‍රබල වශයෙන් කතිකාවට ලක්වන මාතෘකාවක් වන නමුත් ඒ් සදහා නිවැරදි විසදුමි ලබා ගැනීමට මෙි වන විටත් නොහැකි වීම කණගාටුවට කරුණකි. අමිපාර, දෙහිඅත්තකණ්ඩිය වැනි දිස්ත්‍රික්කයන්හි පවත්නා කෘෂිකාර්මික ජීවනෝපායක් ගත කරන ග්‍රාමීය ජනතාවගේ ප්‍රබල ගැටලුවක් බවට මෙම අලි- මිනිස් ගැටුම පත් වී ඇති ආකාරය ඉතාමත් දුක්ඛිතය.
කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ගොවි ජනතාවට විදීමට සිදුවන්නේ ඉතාමත් අමිහිරි අත්දැකීමි ය. තම දරුවන්ගේ කුසට අහරක් ලබා දීමට සිතා ගනිමින් තමා සතු සියලු සන්තකය උකස් තබා හෝ ගොවිතැනක් සිදු කරන්නේ ඒය තම පරමිපරාවෙන් උරුම වූ රැකියාව නිසාවෙනි. කෙසේ වුවත් අතීතයේ සිටම සිරි ලංකාව ස්වයංපෝෂිත රටකි. පෙරදිග ධාන්‍යාගාරය වශයෙන් හදුන්වන ලද්දේද ගොවිතැනින් සරුසාරමත් දේශයක් නිසාමය.

ගොවියා යනු රටකට ඉතාමත‍් වටිනා සමිපතකි. නමුත් මෙම අලි මිනිස් ගැටුම හේතුවෙන් යමි තරමක් කෘෂිකර්මාන්තය අත්හැර ඇති බවක් පෙනේ. මෙය රටෙි සංවර්ධනය උදෙසාද ප්‍රබල පලපෑමක් ඇති කරයි. ගොවියන්ගේ අදහස වන්නේ තමා දුක් මහන්සියෙන් සිදු කරන ගොවිතැන අලි පාලුවට ලක් වීම දරාගත නොහැකි බවයි.
මෙි වන විට මෙම වල් අලි ගැටලුව ග්‍රාමීය ප්‍රජාවගේ කෘෂිකර්මාන්තයට පමණක් නොව ඔවුන්ගේ ජීවිත වලටද දැඩි තර්ජන ඒල්ල කරයි. වල් අලි ප්‍රහාර හේතුවෙන් ජීවිත වලින් පවා වන්දි ගෙවීමට ඔවුනට සිදු වී තිබෙි. කෘෂිකර්මාන්තය රැකගැනීමට රාත්‍රියේ පැලට යන පියා උදෑසනවන විට තම දරුවන්ගේ මුහුණ බලන්නට පැමිණෙන්නේ නැත. ඒ වෙනුවට වල් අලියාට තම ජීවිතය බිලි කොට මිනී පෙටිටියකින් නිවසට පැමිණෙන්නේ ඒම දරුවන්ගේ හෙට දවස අදුරේ ගිල්වමිනි. මෙවැනි සං‌වෙිදී කතන්දර ඔනෑ තරමි දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවලින් අසන්නට දකින්නට ලැබෙන්නේ දෙනෙතට කදුලක්ද ඒක් කරමිනි.

සත්‍ය වශයෙන්ම මෙම අලි මිනිස් ගැටුමෙි දී මිනිසාට පමණක් නොව අලින්ටද යමි අසාධාරණයක් සිදු වෙි. ජනගහනය වර්ධනය වීමත් සමග මිනිසා කැලෑ ඒළි පෙහෙලි කරමින් වන සතුන්ගේ වාසස්ථාන විනාශ කර ඉදිකිරීමි සිදු කිරීම, ගොවිතැන් සිදු කිරීම හේතුවෙන් වන අලි ගමි වදින බව ප්‍රකට රහසකි. කන්න නැතුව ගමය ඒන අලින්ට මිනිසුන් සලකන්නේ වෙඩි උණ්ඩයෙනි. ගින්දර බෝමිබ, වස යනාදියද ඒහි සහකරුවන්ය. මෙම හේතු නිසාවෙන් සංචාරක වටිනාකමකින් යුත් හස්තියන් අකාලයේ මිය යාමට ලක්වන අවස්ථා ද නැතුවාම නොවෙි.

කෙසේ වුවත් ග්‍රාමීය ප්‍රජාව මෙන්ම වන අලින්ද රටකට වටිනා සමිපතකි. දළදා පෙරහැරේ කරඩුව ගෙන යන හස්තියාට වන්දනා කරමින් වනයේ සිටින හස්තියාට තරු පෙන්වීම සැබැවින්ම විවාදයට ලක් විය යුතු කරුණකි. මෙම අලි-මිනිස් ගැටුමි අවම කිරීමෙි අරමු‌ණෙන් විවිධ ක්‍රියාමාර්ග, ව්‍යාපෘති සිදු කළද තවමත් නිවැරදි විසදුමි සොයා ගැනීමට අපහසු වී තිබෙි. ඒබැවින් ග්‍රාමීය ප්‍රජාව සහ වල් අලින් රැක ගැනීමට අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගැනීමෙි කාලය දැන් උදා වී තිබෙි. වායුසමීකරණය කරන ලද කාමරවල සැප පුටුවක සිටිමින් බලලත් නිලධාරීන් මෙිවාට විසදුමි සෙවීම නිශ්ඵල කරුණකි. විය යුත්තේ ගැටලුව හරි හැටි තේරුමි ගෙන ඒ් සදහා උචිත සුදුසුම ක්‍රියාමාර්ගයන් ගැනීමය. ඒ් සදහා සියලු‌ දෙනාගේම දෑස් විවර විය යුතුය.

සනෝජා රන්හොටිබණ්ඩාර…

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required