English English සිංහල සිංහල தமிழ் தமிழ்

ගල් අඟුරු ටෙන්ඩරය අවලංගුයි – අලුත් ටෙන්ඩරය ළඟඳීම.

Facebook
Twitter
LinkedIn

අගෝස්තු 25 වනදා ඩුබායි හි බ්ලැක් සෑන්ඞ් කොමඩිටීස් සමාගමට ලබාදුන් ගල් අඟුරු ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය විසින් අවලංගු කර තිබෙනවා. ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඊයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුවයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමට සටහනක් එක් කරමින් සඳහන් කර ඇත්තේ, අදාළ ටෙන්ඩරය අවලංගු කිරීමෙන් පසු දිගුකාලීන ණය පදනමක් මත ගල් අඟුරු සැපයීමට හැකි සැපයුම්කරුවෙකුට ඉඩ සලසා දෙමින් නව ටෙන්ඩර් කැඳවීමක් ලංකා ගල් අගුරු සමාගම විසින් ප‍්‍රකාශයට පත් කරනු ඇති බවයි.

ඩුබායි සමාගමක් වන බ්ලැක් සෑන්ඞ් කොමඩිටිස් සමාගමට අදාළ ටෙන්ඩරය ප‍්‍රදානය කිරීමෙන් පසු පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. ටෙන්ඩර් පටිපාටියට පටහැනිව එය අදාළ සැපයුම්කරුට පිරිනමා ඇති බවටයි එම පෙත්සමෙන් පෙන්වා දී තිබුණේ.

කෙසේ වෙතත්, පවතින නීතිමය කටයුතු සහ ගෙවීම් සහතික කිරීමේ අවදානම කෙරෙහි ඇති බලපෑම මත ගල් අඟුරු සැපයුම සිදුකළ නොහැකි බව තෝරා ගත් සැපයුම්කරු විසින් ලංකා ගල් අඟුරු සමාගම වෙත දැනුම්දී තිබුණා.

එම තත්වය හමුවේ මෙරට විදුලි උත්පාදනයට වැඩි දායකත්වයක් ලබාදෙන නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ විදුලි ජනනයට අවශ්‍ය ගල් අඟුරු සපයා ගැනීම අර්බුදකාරි තත්වයකට පත්වුණා.

ලබන ඔක්තෝබර් මස 28 වනදායින් පසු දැනට ඇති ගල් අඟුරු අවසන් වීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත‍්‍ර තුනම අක‍්‍රිය තත්වයට පත්වීමේ අවධානමක් නිර්මාණය වී ඇති අතර මෙම තත්වය හමුවේ දෛනික විදුලි කප්පාදුව පැය 10 ත් 12 ත් අතර කාලයකින් දීර්ඝ වීමේ අවදානමක් මතුව ඇති බවයි මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක ප‍්‍රකාශ කළේ.

කෙසේ වෙතත් ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා පසුගිය වසරවල ප‍්‍රදානය කළ ටෙන්ඩර්වලින් ගල්අඟුරු නැව් 19 ක් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සපයා ගැනීම සඳහා ඊයේ අමාත්‍ය මණ්ඩලයේදී අවශ්‍ය තීන්දු තීරණ ගෙන ඇති බවද සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000