/
/
title icon කතරගම ප‍්‍රාදේශීය සභාව විසුරුවා හැරේ.
කතරගම ප‍්‍රාදේශීය සභාව විසුරුවා හැරේ.
Editor
1 year ago
Share:
කතරගම ප‍්‍රාදේශීය සභාව විසුරුවා හැරේ.

කතරගම ප‍්‍රාදේශීය සභාව ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට විසුරුවා හැරීමට නියෝග කරමින් ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, පසුගිය මැයි මස 10 වනදා එම ප‍්‍රාදේශීය සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවමින් එහි සභාපතිවරයා ඇතුළු සභාවේ අකාර්යක්ෂමතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීම සඳහා පත් කළ විශ‍්‍රාමලත් අධිකරණ විනිසුරු එච්.එම්.ආර්. අනුර කුමාරගේ පරීක්ෂණ වාර්තාවේ කරුණු සැළකිල්ලට ගනිමින්.

ඒ අනුව ඊයේ දිනයේ සිට ක‍්‍රියාත්මක වන පරිදි නව ප‍්‍රාදේශීය සභාවක් සංස්ථාපනය කරන තෙක් හෝ නැවත නියමයක් කරන තෙක් කතරගම ප‍්‍රාදේශීය සභාවේ බලතල ක‍්‍රියාත්මක කිරීමට සහ කාර්යය ඉටුකිරීම සඳහා මොණරාගල සහකාර පළාත් පාලන කොමසාරිස්වරයාට බලය පවරා තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required