English English සිංහල සිංහල தமிழ் தமிழ்

ණය ප‍්‍රතිව්‍යූහගත කරන්න ජපානයේ සහය ශ‍්‍රී ලංකාවට.

Facebook
Twitter
LinkedIn

ණය ප‍්‍රතිව්‍යුහගතකරණය සදහා ශ‍්‍රී ලංකාවට සහාය ලබා දෙන බවට මෙරට ප‍්‍රධාන ණය හිමියෙකු වන ජපානය සහතික වී තිබෙනවා.

රොයිටර් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදීයි මෙරට ජපාන තානාපති හිදෙයාකි මිසුකොෂි මේ බව සඳහන් කර ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ‍්‍රී ලංකාවට අවසන් එකඟතාවකට එළැඹිය හැකි වන පරිදි ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ ක‍්‍රියාවලිය සදහා සහාය දැක්වීමට ජපානය, ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින බවයි ඔහු එහිදී සදහන් කර ඇත්තේ.

එමෙන්ම, මේ සදහා ඉන්දියාව හා චීනය සමඟ ද එක්ව කටයුතු කිරීමට තමන් කැමැත්තෙන් පසුවන බව ද මෙරට ජපාන තානාපති හිදෙයාකි මිසුකොෂි සදහන් කර තිබෙනවා.

මේ අතර ආණ්ඩුව සහ මෙරට බාහිර ණය හිමියන් අතර ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව පළමු සාකච්ඡාව අද පස්වරුවේ පැවැත්වුණේ සූම් තාක්ෂණය ඔස්සේයි.

ණය ආපසු ගෙවීම් පිළිබද සාකච්ඡා මෙහෙය වීම සඳහා තෝරා ගැනුණු ජාත්‍යන්තර මූල්‍ය සහ වත්කම් කළමනාකරණ උපදේශක සමාගමක් වන ලසාඞ් සහ එහි නීති උපදේශන කටයුතු මෙහෙයවන ක්ලිෆර්ඞ් චාන්ස් සමාගමේ නියෝජිතයින්ද ඊට එක්ව සිටියා.

මෙම සාකච්ඡාවට පෙර ණය ප‍්‍රතිව්‍යුහගතකරණය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම සම්බන්ධයෙන් තානාපතිවරුන් දැනුවත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති කාර්යාලයේදී හමුවක් සිදු වුණා.

එහිදී ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බවට  විදෙස් තානාපතිවරුන් ජනාධිපතිවරයා හමුවේ සහතික වූ බවයි  ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මේ අතර, චීනය විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 650 ක් වටිනා නව ඖෂධ තොගයක් අද මෙරටට රැගෙන ඒමට නියමිතයි. ඉදිරි මාස වලදී රුපියල් බිලියන 5 ක ඖෂධ සහ වෛද්‍ය සැපයුම් මෙරටට ලබාදීමට නියමිත බවයි චීන තානාපති කාර්යාලය ප‍්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000