English English සිංහල සිංහල தமிழ் தமிழ்

අධි ආරක්ෂක කලාප නම් කරමින් අලුත් ගැසට්ටුවක්.

Facebook
Twitter
LinkedIn

ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ත‍්‍රිවිධ හමුදා මූලස්ථාන, පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුළු ප‍්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂක කළාප ලෙස ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කෙරුණේ ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුවයි.

මෙම ගැසට් නිවේදනය අනුව පාර්ලිමේන්තු සංකීර්ණය, උපරිමාධිකරණ සංකීර්ණය, නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා සහ පොලිස් මූලස්ථානය, ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදා මූලස්ථානය, ගුවන් හමුදා මූලස්ථානය, ආරක්ෂක ලේකම් හා ත‍්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස ප‍්‍රදේශය, අරලියගහ මන්දිරය, අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය පිහිටි ප‍්‍රදේශ අධි ආරක්ෂක කලාප ලෙස නම් කර තිබෙනවා.

ඒ අනුව එම කළාප තුළ ඇතැම් කටයුතු පාලනය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට විධි විධාන සැලැස්විය හැකියි.

පොලිස්පතිවරයාගේ හෝ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පූර්ව ලිඛිත අවසරය ලබාගෙන මිස මෙම කලාපවල පිහිටි මාර්ගවල, පිට්ටනියක, වෙරළක හෝ එළිමහන් ස්ථානවල කුමන හෝ ප‍්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීමට අවසර නැහැ.

මීට අමතරව මෙම කලාප තුළ යම් ගොඩනැගිල්ලක්, තාවකාලික හෝ ස්ථිර ඉදිකිරීමක් සිදුකිරීමටද නිසි බලධාරියා වන ආරක්ෂක ලේකම්වරයාගෙන් පූර්ව අවසරයක් ලබාගත යුතුයි.

කවර හේතුවක් නිසා හෝ අධි ආරක්ෂිත කලාප තුළ රතිඤ්ඤා හෝ ගිනිකෙළි දැල්වීමට අවසරයක් නැහැ. මෙම නියෝග උල්ලංඝනය කිරීම අපරාධ නඩු විධාන සංග‍්‍රහය යටතේ වරදක් ලෙස සැලකෙනවා.

ඒ අනුව අත්අඩංගුවට ගනු ලබන තැනැත්තෙකුට මහාධිකරණයක් විසින් මිස ඇප නොදිය යුතු බවත් අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

පහතින් දැක්වෙන්නේ අදාළ ගැසට් නිවේදනයයි.

http://www.documents.gov.lk/files/egz/2022/9/2298-53_S.pdf

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000