/
/
title icon ජනපතිගෙන් මහනායක හිමිවරුන්ට ලිපියක්.
ජනපතිගෙන් මහනායක හිමිවරුන්ට ලිපියක්.
Editor
1 year ago
Share:
ජනපතිගෙන් මහනායක හිමිවරුන්ට ලිපියක්.

ආගමික ස්ථාන සඳහා රාජ්‍ය මැදිහත් වීමෙන් විශේෂ ක‍්‍රමවේදයක් මඟින් සූර්ය පැනල සවිකිරීමට වැඩපිළිවෙලක් සකස් කරන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පවසනවා. මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ යන නිකායන්හි මහානාහිමිවරුන් වෙත ලිපියක් යොමුකරමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

එමෙන්ම සියලූම ආගමික ස්ථානයක දෛනික, මාසිකව හෝ වාර්ෂික ආගමික කාර්යයන් සඳහා බලපෑමක් නොවන අයුරින් ආගමික සහ සමාජීය මෙහෙවර අඛණ්ඩව සිදුකිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන බවද ජනාධිපතිවරයා යොමුකළ ලිපියෙහි සඳහන්.

අධි විදුලි පරිභෝජනයක් සහිත වෙහෙර විහාරස්ථාන හා අනෙකුත් ආගමික ස්ථාන හඳුනාගෙන, එම ස්ථාන වෙත විදුලි ඉල්ලූම කළමානකරණය කිරීමට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ මහජන උපයෝගිතා කොමිසන් සභාව ඒකාබද්ධ කොට වැඩපිලිවෙලක් සකස් කරන බව ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම රටේ මහජනතාව මෙන්ම සමස්ථ ආගමික ප‍්‍රජාවගේ යහපත උදෙසා පියවරෙන් පියවර එම ගැටලූ විසදීම තම රජයේ ප‍්‍රමුඛ වගකීම බවයි ජනාධිපතිවරයා මහනාහිමිවරුන් වෙත යොමුකළ ලිපියෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required