/
/
title icon 2022 අවසානයේ IMF ඩොලර් බිලියන 2.9 ණය අනුමත කරනු ඇතැයි අපේක්ෂා.
2022 අවසානයේ IMF ඩොලර් බිලියන 2.9 ණය අනුමත කරනු ඇතැයි අපේක්ෂා.
Editor
1 year ago
Share:
2022 අවසානයේ IMF ඩොලර් බිලියන 2.9 ණය අනුමත කරනු ඇතැයි අපේක්ෂා.

මෙම වසර අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන දෙකයි දශම නවයක ණය අනුමත කරනු ඇතැයි අපේක්ෂා කරන බව මහබැංකු නිලධාරින් අයෝජකයන්ට ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ, ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මාර්ගගත ක‍්‍රමය ඔස්සේ පැවති සාකච්ඡාවකදියි.

දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ණය මුදල අනුමත කළ පසු ණය හිමියන් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වන බවද එහිදී ප‍්‍රකාශ කර තිබෙනවා.

මෙම සාකච්ඡාවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාරික ලේකම් මහින්ද සිරිවර්ධන මෙන්ම මූල්‍ය හා නීති උපදේශකයෙකු වන ලසාඞ් සහ ක්ලිෆර්ඞ් සමාගම්වල නියෝජිතයන්ද එක්ව සිටියා.

මේ අතර, චීනය විසින් නොමිලේ පරිත්‍යාග කරන ලද අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් රැගත් චීන විශේෂ භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානයක් ඊයේ රාත‍්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණ තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required