 
                            විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි, අද 77 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතයි.
ඔහු ඊයේ එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල නායකයින් සහ නියෝජිතයින් රැසක්ද හමුවූ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ අනුව බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා, එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඞ්, සෝමාලියානු විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍යවරයා, නැමීබියා ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගීතා නියෝජ්‍ය අමාත්‍යවරයාද හමුවී සාකච්ඡා සිදුකර තිබෙනවා.
මීට අමතරව උස්බෙකිස්ථාන, සෞදි අරාබිය සහ ආමේනියා යන රටවල විදේශ අමාත්‍යවරුන්ද ඔහු මෙහිදී හමුවී තිබුණා.
 
                         
             
             
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                