/
/
title icon පොල් කෑවට කමක් නැහැ – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය කියයි.
පොල් කෑවට කමක් නැහැ – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය කියයි.
Editor
1 year ago
Share:
පොල් කෑවට කමක් නැහැ – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය කියයි.

රට තුළ මන්දපෝෂණ තත්ත්වයක් පවතින්නේ නම්, එහි වගකීමෙන් වැඩි කොටසක් වෛද්‍යවරුන් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසනවා.

ඔවුන් කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ රට තුළ ඇතමුන් පෙන්වා දෙන ආකාරයේ මන්දපෝෂණ තත්ත්වයක් නොමැති බවයි.

එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ පෝෂණ තත්ත්වය මැනීමේ නිර්ණායකවල වෙනසක් සිදුවිය යුතු බවයි.

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය නිරෝෂන ප්‍රේමරත්න කියා සිටියේ පොල් සෞඛ්‍ය සම්පන්න ආහාරයක් බවයි.

කෙසේ වෙතත්, ඉදිරි කාලය තුළ රට තුළ මන්දපෝෂණ තත්ත්වයේ සැලකිය යුතු වැඩිවීමක් සිදුවිය හැකි බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required