/
/
title icon අධි ආරක්ෂක කලාප ගැන ශ‍්‍රි ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්.
අධි ආරක්ෂක කලාප ගැන ශ‍්‍රි ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්.
Editor
1 year ago
Share:
අධි ආරක්ෂක කලාප ගැන ශ‍්‍රි ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්.

කොළඹ අධි ආරක්ෂක කලාප පිහිටුවීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය සිය ස්ථාවරය ප‍්‍රකාශයට පත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නීතිඥ සංගමය එමගින් අවධාරණය කර ඇත්තේ විශාල ප‍්‍රදේශයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය රහස් පනතින් බලයක් නොමැති බවයි.

ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ත‍්‍රිවිධ හමුදා මූලස්ථාන, පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුළු ප‍්‍රදේශ රැසක් අධි ආරක්ෂක කලාප ලෙස ප‍්‍රකාශයට පත් කළා.

ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය  නිකුත් කෙරුණේ ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුවයි.

මෙම ගැසට් නිවේදනය අනුව පාර්ලිමේන්තු සංකීර්ණය, උපරිමාධිකරණ සංකීර්ණය, නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා සහ පොලිස් මූලස්ථානය, ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදා මූලස්ථානය, ගුවන් හමුදා මූලස්ථානය, ආරක්ෂක ලේකම් හා ත‍්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස ප‍්‍රදේශය, අරලියගහ මන්දිරය, අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය පිහිටි ප‍්‍රදේශ අධි ආරක්ෂක කලාප ලෙස නම් කර තිබෙනවා.

ඒ අනුව එම කලාප තුළ ඇතැම් කටයුතු පාලනය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට විධි විධාන සැලැස්විය හැකියි.

පොලිස්පතිවරයාගේ හෝ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පූර්ව ලිඛිත අවසරය ලබාගෙන මිස මෙම කලාපවල පිහිටි මාර්ගවල, පිට්ටනියක, වෙරළක හෝ එළිමහන් ස්ථානවල කුමන හෝ ප‍්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීමට අවසර නැහැ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required