/
/
title icon ජනපති අද ජපානයට.
ජනපති අද ජපානයට.
Editor
1 year ago
Share:
ජනපති අද ජපානයට.

වෙඩි ප‍්‍රහාරයකින් ඝාතනයට ලක්වූ ජපානයේ හිටපු අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ අවමංගල්‍යය උත්සවයට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අද රාත්‍රියේ ජපානය බලා පිටත්ව යෑමට නියමිතයි.

ජපානයේ දීර්ඝතම කාලයක් සේවය කළ ෂින්සෝ අබේ ප‍්‍රචාරක රැලියක් අතරතුරදී වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය ජූලි මස 08 වැනිදායී.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ සංචාරය අතරතුර ජපාන අග‍්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ඇතුළු ජපාන රජයේ ඉහළ පෙලේ නිලධාරීන් හමුවීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා චීනය සහ ඉන්දියාව ඇතුළු ප‍්‍රධාන ණය දෙන රටවල් සමඟ ඊට අදාළ සාකච්ඡා සඳහා සම්බන්ධීකරණය සිදුකරන ලෙසට ජපානයට ආරාධනා කිරීමටද නියමිත බවයි රොයිටර් පුවත් සේවය මීට පෙර වාර්තා කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required