/
/
title icon ගල් අඟුරු ටෙන්ඩරය ලබන අඟහරුවාදා.
ගල් අඟුරු ටෙන්ඩරය ලබන අඟහරුවාදා.
Editor
1 year ago
Share:
ගල් අඟුරු ටෙන්ඩරය ලබන අඟහරුවාදා.

ගල් අඟුරු මෙට්‍රික් ටොන් විසි දෙලක්ෂ 50,000 ක් මිලදී ගැනීම සඳහා වන ටෙන්ඩරය ලබන අඟහරුවාදා කැඳවන බව ලංකා ගල් අඟුරු සමාගම පවසනවා.

කැබිනට් මණ්ඩලය විසින් පසුගියදා ඊට අනුමැතිය ලබාදුන්නා.

අගෝස්තු 25 වනදා ඩුබායි හි බ්ලැක් සෑන්ඞ් කොමඩිටීස් සමාගමට ලබාදුන් ගල් අඟුරු ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය විසින් අවලංගු කිරීමත් සමඟයි මෙලෙස නව ටෙන්ඩරයක් කැඳවීමට පියවර ගෙන ඇත්තේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුව ටෙන්ඩරය කැඳවෙන අතර, දිගුකාලීන ණය පදනමක් මත ගල් අඟුරු සැපයීමට හැකි සැපයුම්කරුවෙකුට ඉඩ සලසා දෙමින් නව ටෙන්ඩර් කැඳවීමක් ලංකා ගල් අඟුරු සමාගම විසින් ප‍්‍රකාශයට පත් කරනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required