English English සිංහල සිංහල தமிழ் தமிழ்

දුටු නොදුටු පැතිකඩ

Facebook
Twitter
LinkedIn

මිනිස් ජීවිත ආවරණය කිරීම සුළුපටු කාරණාවක් නම් නොවේ. ඒ තුළ සැගව ඇති රස මුසු තැන් සේම අපට නොපෙනෙන දුක් මුසු තැන් සීරුවට ගලපන්නට නම් ඔහු හෝ ඇය තුළ තිබිය යුත්තේ සංයමයෙන් යුත් භාෂා රටාවකි.

භාහිර සමාජයට යමෙක් එක් පුද්ගල චරිතයක් පමණක් විය හැකිය එනමුත් ඔබටත් මටත් අප කාටත් අපේම කතාවක් ඇත. එය කියවා නිම නොකළ හැකි තරම් එකක් විය හැකිය. ඇතැම් ප්‍රබන්ධයන් ලියවෙන්නට ගන්නේම එවන් සන්දර්භයන් තුළයි. අප දකින අසන පුද්ගලයා කවරෙක්ද , ඔහුගේ ජීවිත කතාව කෙබදුද යන්නත් මෙන්ම අප පුද්ගලයෙක්ගේ චරිතයක් වැළඳ ගන්නා ආකාරය අනුව අප දරාගන්නා වූ මතවාදයන් වෙනස් වන්නට පුළුවනි.

අද බොහෝ පුවත්පත් වල, ඩිජිටල් පුවත්පත් වල සුවිශේෂී ලිපිය වන්නේ ඉතා ප්‍රසිද්ධ පුද්ගල චරිතයක විවරණයකි. ඒ තුළ ඇත්තේ ඔහුගේ හෝ ඇයගේ කතාවයි. ජීවිතේ තමන්ට තමාව මුණ ගැසුණු තැන්. අභියෝගයන්, ජයග්‍රහණයන් ආදී සියල්ල තම ජීවිතයට ආලෝකයක් කර ගත් අයුරු. කඩා වැටීම් තුළදී ශක්තිමත්ව නැගී සිටි අයුරු යනාදී සියල්ලම එක් කළ ජීව්ත කතාවක් මේ ඔස්සේද ගෙන හැර දක්වයි.

මෙවන් ජීවිත කතා ආවර්ජනය තුළින් අපට ලැබෙන්නේ මොනවාද ?

1. දන්න හෝ නොදන්නා පුද්ගලයෙක් පිළිබඳ තොරතුරු ගොණුවක්

2. ඔවුන් පැමිණි ගමන් මගේ ලද ජයග්‍රහණයන් පිළිබඳ අවබෝධයක්

3. පුද්ගලයෙක් ලද කර්කෂක අත්දැකීම් පිළිබඳ දැනුවත්භාවයක් හා ඒ ඔස්සේ අවවාද උපදෙස්

4. සුවිශේෂී පුද්ගල චරිත වල පවතින කැපවීම, ඉලක්ක අරමුණු කරා ගාමට ආදර්ශයන් ලැබීම.

5. මිනිස් ජීවිතයක් විවරණය තුළින් ඔවුන් සතු මහත්මා ගතිගුණ පිළිබඳ දැනගන්නට ලැබීම.

6. සමාජයේ මිනිසුන්ට එල්ල වන අභියෝගය, දෝෂාරෝපණ, අවලාද හා ඒවාට මනාව මුහුණදුන් අයුරු දැනගැනීමට හැකිවීම.

7. කාලයත් සමඟ අත්දැකීම් යනාදි දෑ තුළින් ඉදිරියට ගමන් කිරීමට තමා තුළ තිබෙන ආත්ම ශක්තිය පිළිබඳ විශ්වාසයක් ගොඩ නැගීම.

මේ සියල්ල අපට අත්විඳීමට හැකියාව ලැබෙන්නේ යම් පුද්ගලයෙක් සමඟ සංවාදට යෙදීමෙන් අනතුරුව ඔහුගේ හෝ ඇයගේ කතාව විවරණය කිරීමෙන් අනතුරුවයි. ඒ කතාවේ අතුරු ප්‍රතිඵලයක් ලෙසිනි.

තවත් ජීවිතයකට ආලෝකයක් වන්නට තවත් ජීවිතයක් නිවා සනසාලන්නට පන්නයක් වන්නට සුවිශේෂී මෙන්ම සමාජය තුළ සැගව සිටින චරිතයන් රැසක් ඇසුරින් මේ ප්‍රබන්ධය ආරම්භ කරන්නට ඊළඟ ලිපියෙන් හමුවෙමු.

චලනි යාපා බණ්ඩාර

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000