English English සිංහල සිංහල தமிழ் தமிழ்

පිරිසිදු දිය බිදක් වෙනුවෙන් හඩක්…

Facebook
Twitter
LinkedIn

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත තිස් වසරක පැවති යුධ සමයේ සිටම විවිධ දුෂ්කරතා වලට මුහුණ දෙමින් පැවති පළාතකි.අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මරංගල ග්‍රාමය යනු විවිධ දුෂ්කරතා වලට මුහුණ දෙමින් තම ජීවිකාව සරි කර ගන්නා ගැමියන් වෙසෙන ගමකි. මෙම ගම තුළ මේ වන විට පවුල් 250ක් පමණ ජීවත් වෙති. මෙම ග්‍රාමයේ පවතින ගැටලු පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ප්‍රමුඛතම ගැටලුව බවට පත් වී තිබෙන්නේ පානීය ජලය පිළිබඳ ගැටලුවයි.

              මිනිසාගේ මූලික අවශ්‍යතා අතර ජලය ඉහළින්ම පවතී. මිනිසාට ආහාර නොමැතිව දිනක හෝ ජීවත් විය හැකි වුවත් ජලය නොමැතිව දිනක් හෝ ජීවත් වීමට නොහැකිය. මෙවන් තත්ත්වයක් මත මරංගල ග්‍රාමයේ මිනිසුන් නියං සමය ආරම්භ වීමත් සමග නොවිදිනා දුක් කන්දරාවකට මුහුණ දෙයි. මෙම ග්‍රාමය තුළ ජල පෝෂක ලෙස ලිං තිබුනද පිරිසිදු පානීය ජලය ඉතාමත් හිගය. මෙම පිරිසිදු පානීය ජලය නොමැති වීමෙන් මේ වන විට මෙම ග්‍රාමය තුළ වකුගඩු රෝගීන්ද බහුල වෙයි. දරිද්‍රතාවයට මෙවන් රෝගද එක් වූ කල මෙම ජනතාව තව දුරටත් අන්ත අසරණ තත්ත්වයට ලක් වී ඇති අයුරු ඉතාමත් දුක්ඛිතය. පවුල් කිහිපයකට ජලය ලබා ගැනීමට එක් ලිදක් පමණ තිබුනද එම ජලයද පානය කිරීමට තරම් සුදුසු තත්ත්වයේ නොමැති බව තහවුරු වී ඇත. 

නියං සමය ආරම්භ වීමත් සමග මෙම තත්ත්වය දෙගුණ තෙගුණ වෙයි. ලිං ජලය සිදී යාමත් සමග බීමට මෙන්ම තවත් අත්‍යවශ්‍ය කටයුතු සදහා අවශ්‍ය කරන ජලය ඉතාමත් හිගය. ගම මැදින් මහඔය නමැති ඔය ගලා ගියද නීතී විරෝධී වැලි ගොඩ දැමීම් නිසා එහි ජලයද සිදී යාමට ලක් වෙයි. එම නිසා මිනිසාට පමණක් නොව සතුන්ද පීඩාවට ලක් වෙයි.
කෙසේ වෙතත් මෙම ග්‍රාම සේවා වසමට පිරිසිදු පානීය ජලය ලබා දීමේ අරමුණ ඇතිව ජල ටැංකි 2ක් ඉදි කර තිබේ. නමුත් බොහෝ කලක සිටම එම ටැංකි මේ වන තෙක් ජල බිදක් හෝ දැක නොමැත. මෙම ජල ටැංකි නිසි පරිදි සකස කොට පිරිසිදු පානීය ජලය මෙම ජනතාවට ලබා දෙන්නේ නම් ඔවුන්ගේ බොහෝ ගැටලු වලට විසදුම් ලැබෙන්නේය. නමුත් මෙම ග්‍රාම නිළධාරි වසම් බොහෝ දෙනාගේ අවධානයට ලක් වන්නේ චන්දයක් පැමිණි විට මනාප ලබා ගැනීම සදහා පමණි. සැබැවින්ම මෙම තත්ත්වය වෙනස් විය යුතු කාලය දැන් එළබ තිබේ. මෙම ග්‍රාමීය වසම්වල වෙසෙන ජනතාව උදෙසා තිරසාර හෙට දවසක් ලබා දීම වගකිව යුතු බලධාරීන්ගේ යුතුකම වන්නේය.

සනෝජා රන්හොටිබණ්ඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000