/
/
title icon චීන – ශ‍්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමක් ගැන සාකච්ඡා.
චීන – ශ‍්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමක් ගැන සාකච්ඡා.
Editor
1 year ago
Share:
චීන – ශ‍්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමක් ගැන සාකච්ඡා.

දෙරටේ ආර්ථික හා වෙළද සහයෝගීතාවය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් නිදහස් වෙළඳ ගිවිසුමක් සදහා සාකච්ඡා කඩිනම් කිරීමට චීනය සහ ශ්‍රී ලංකාව එකඟත්වයට පැමිණි බව චීන තානාපති කාර්යාලය පවසනවා.

එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ සැසිවාරය අතරතුරදී චීන විදේශ ඇමති වැංග් යී සහ මෙරට විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි අතර පැවති හමුවකදී මේ පිළිබඳව අවධානය යොමුවූ බවයි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.

හම්බන්තොට වරාය, කොළඹ වරාය නගරය ඇතුළු චීන ආයෝජන ව්‍යාපෘති මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළ නැංවීමට අවශ්‍ය සහාය ලබාදෙන බවද එහිදී චීන විදේශ අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

මෙහිදී මෙරට විදේශ අමාත්‍ය අලි සබ්‍රි සඳහන් කර ඇත්තේ චීනය, ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ වැදගත් හවුල්කරුවෙකු බවයි.

එමෙන්ම, චීනය ඇතුළු සෙසු රටවල ආයෝජන ශ‍්‍රී ලංකාව බලාපොරොත්තුවෙන් සිටින බවද අමාත්‍ය අලි සබ්‍රි අවධාරණය කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required