/
/
title icon පාර්ලිමේන්තුවත් ආහාර මිල නංවයි – මන්ත‍්‍රී කෑම වේලක් රුපියල් 300 යි.
පාර්ලිමේන්තුවත් ආහාර මිල නංවයි – මන්ත‍්‍රී කෑම වේලක් රුපියල් 300 යි.
Editor
1 year ago
Share:
පාර්ලිමේන්තුවත් ආහාර මිල නංවයි – මන්ත‍්‍රී කෑම වේලක් රුපියල් 300 යි.

පාර්ලිමේන්තු භෝජනාගාරයේ ආහාර මිල ගනන් ඉහළ නංවා තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව රැස්වී ගත් තීරණයකට අනුවයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට දිවා ආහාර වේලක් මේ වනවිට ලබා දෙන්නේ රුපියල් 200 ක මිලකටයි.

එය රුපියල් 100 කින් ඉහළ නංවා ඇති අතර ඒ අනුව මන්ත‍්‍රීවරයෙකුගේ ආහාර වේලක නව මිල රුපියල් 300 ක්.

එමෙන්ම පාර්ලිමේන්තු මාධ්‍යවේදියෙකුට ලබා දෙන ආහාරවේලක මිල රුපියල් 100 ක් වන අතර එයද රුපියල් 50 කින් වැඩිකර තිබෙනවා.

ඒ අනුව එහි නව මිල රුපියල් 150 ක්.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර මිල ගණන්ද පසුගියදා ඉහල නංවනු ලැබුවා.

ඒ අනුව මාසික ආහාර වියදම වෙනුවෙන් සාමාන්‍ය සේවකයකුගේ වැටුපෙන් රුපියල් 750 ක පමණ මුදලක් අයකර ගනු ලැබූ අතර එය රුපියල් 1500 ක් දක්වා වැඩිකෙරුණා.

විධායක ශ්‍රේණියේ නිලධාරියෙකුගේ මාසික අයකිරීමද රුපියල් 2500 ක් දක්වා ඉහළ නංවනු ලැබූ බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required