/
/
title icon ලොව ආහාර උද්ධමනය දරුණුම රටවල් 10 අතර ශ‍්‍රී ලංකාවත්.
ලොව ආහාර උද්ධමනය දරුණුම රටවල් 10 අතර ශ‍්‍රී ලංකාවත්.
Editor
1 year ago
Share:
ලොව ආහාර උද්ධමනය දරුණුම රටවල් 10 අතර ශ‍්‍රී ලංකාවත්.

ආහාර උද්ධමනය දරුණු ලෙස බලපා ඇති ලොව පළමු රටවල් 10 අතරට ශ‍්‍රී ලංකාවද ඇතුළත් වන බව ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හෑන්ක් පවසනවා. ලොව ආහාර උද්ධමනය සම්බන්ධයෙන් ඔහු නිකුත් කළ ට්ව්ටර් පණිවුඩයට අනුව ශ‍්‍රී ලංකාවට සිව්වන ස්ථානයට හිමි වී ඇති අතර එහි ඇතුළත් දකුණු ආසියානු කලාපයේ එකම රටද ශ‍්‍රී ලංකාවයි.

මහාචාර්ය ස්ටීව් හෑන්ක් පෙන්වා දෙන්නේ ලොව දුර්වල මුදල් ඒකක සහිත රාජ්‍යයන් දැඩි ආහාර උද්ධමන අර්බුදයකට මුහුණ දී ඇති බවයි.

මෙම විශ්ලේෂණ සඳහා ලෝක බැංකුව විසින් පසුගිය සැප්තැම්බර් 15 වනදා නිකුත් කරන ලද දත්ත මත පදනම් වී තිබෙනවා.

මහාචාර්යවරයාගේ වාර්තාවට අනුව ශ‍්‍රී ලංකාවේ ආහාර උද්ධමන ප‍්‍රතිශතය සියයට 91ක්.

ශ‍්‍රී ලංකාවට වඩා දරුණු ලෙස එම අර්බුදයෙන් පීඩා විදින සිම්බාබ්වේ, ලෙබනනය සහ වෙනිසියුලාව යන රටවල පිළිවෙළින් ආහාර උද්ධමන අගය සටහන්ව ඇත්තේ සියයට 353ක්, 240 ක් සහ 131 ක් ලෙසයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required