English English සිංහල සිංහල தமிழ் தமிழ்

ජනපති රනිල් ජපානයට.

Facebook
Twitter
LinkedIn

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සංචාරයක් සඳහා අද අලූයම ජපානය බලා දිවයිනෙන් පිටත්ව ගියා.

අළුයම 12යි 20ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්. කිව් 469 දරණ යානයෙන් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඉන් අනතුරුව ජපානයේ ටෝකියෝ ජාත්‍යන්තර ගුවන් තොටපළ දක්වා ගමන් කිරීමටයි නියමිතව ඇත්තේ.

ජනාධිපතිවරයා සමඟ 15 දෙනකුගේ සමන්විත කණ්ඩායමක් මෙම සංචාරයට එක්ව සිටිනවා.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරය අතරතුර පසුගියදා වෙඩි ප‍්‍රහාරයකට ලක්ව මියගිය ජපානයේ හිටපු අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ අවමංගල්‍යය උත්සවයට සහභාගි වීමටද  නියමිතයි.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සිය සංචාරය අතරතුර ජපාන අග‍්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා, එරට විදේශ අමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා ඇතුළු ජපාන රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවීමට නියමිත අතර එහිදී ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ වැඩි අවධානයක් යොමුකෙරෙනු ඇති.

විශේෂයෙන් චීනය සහ ඉන්දියාව ඇතුළු ප‍්‍රධාන ණය සැපයුම්කරුවන් සමග ණය ප‍්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡුාවලට අදාළව අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකරන්නැයි ජනාධිපතිවරයා විසින් ජපානයට ආරධනා කරනු ඇතැයි මීට පෙර රොයිටර් පුවත් සේවය වාර්තා කළා.

එමෙන්ම ජපාන සංචාරයෙන් අනතුරුව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන හෙබවීම සඳහා අනිද්දා පිලිපීනයේ සංචාරයකට එක්වීමටද නියමිතයි.

එහිදී ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපතිවරයා, ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා සමඟද සාකච්ඡා පැවැත්වීමට සැළසුම්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000