/
/
title icon ආගමික ස්ථානවල විදුලි බිල ගැන අද සාකච්ඡාවක්.
ආගමික ස්ථානවල විදුලි බිල ගැන අද සාකච්ඡාවක්.
Editor
1 year ago
Share:
ආගමික ස්ථානවල විදුලි බිල ගැන අද සාකච්ඡාවක්.

ආගමික ස්ථානවල විදුලි බිල්පත් ගැටළුව සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සහ බුද්ධශාසන අමාත්‍යාංශය අතර අද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

නව විදුලි ගාස්තු සංශෝධනයත් සමඟ ආගමික ස්ථානවල විදුලිබිල අධික ලෙස ඉහළ යාම පිළිබදව බුද්ධශාසන අමාත්‍යාංශය වෙත ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම සාකච්ඡාව පවත්වන බවයි අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ සදහන් කළේ.

ඇතැම් ආගමික ස්ථානවල පිරිවෙන් පවතින අවස්ථා මෙන්ම එක් විහාරස්ථානයක භික්ෂුන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් සිටින අවස්ථාවන්හිදී විදුලිය භාවිතය සාපේක්ෂව ඉහළ යන බැවින් එම සියලූ‍ කරුණු කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිත බවයි ලේකම්වරයා කියා සිටියේ.

මේ අතර අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල විදුලි බිල්පත් ගැටළුව සම්බන්ධයෙන් සාධාරණ විසදුමක් ලබා දීමට අපේක්ෂා කරන බවයි.

ඒ, මහරගම ශ‍්‍රී චන්ද්‍රජෝති විහාරස්ථානයේ 50 වන සංවත්සරයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ එක්වෙමින්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required