English English සිංහල සිංහල தமிழ் தமிழ்

ජනපති පාස්කු නඩුවේ වගඋත්තරකාර ලැයිස්තුවෙන් ඉවතට.

Facebook
Twitter
LinkedIn

පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින ජනාධිපති රනිල් වික‍්‍රමසිංහට එරෙහිව එම නඩු කටයුතු පවත්වාගෙන යා නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී.දෙහිදෙණිය, මෘදු ප‍්‍රනාන්දු, එස් තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඞී. නවාස් සහ ෂිරාන් ගුණරත්න යන සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනුයි මෙම තීන්දුව අද ලබාදුන්නේ.

තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් අග විනිසුරු ජයන්ත ජයසූරිය සඳහන් කළේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 35 – එක වගන්තිය යටතේ වත්මන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහට මුක්තියක් හිමිවන බවයි.

එම වගන්තිය ප‍්‍රකාරව වර්තමානයේ ජනපති ධුරය දරණ තැනැත්තෙකුට එරෙහිව නඩු කටයුතු පවත්වාගෙන යා නොහැකි බවද අගවිනිසුරුවරයා පෙන්වා දුන්නා.

රාජ්‍ය නායකයෙකුට තම නිල කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා එම වගන්තිය හඳුන්වා තිබෙන බවත්, නඩු තීන්දුවේ සඳහන්.

පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවෙකු වශයෙන් එවකට අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික‍්‍රමසිංහ නම් කර තිබුණා.

එහෙත් ඔහු පසුගියදා ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දී ඇති බැවින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය යටතේ ඔහුට එරෙහිව මෙම නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බැවින් මෙම පෙත්සම්වලින් නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගේ නීතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

ඉල්ලීම්වලට අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ඇතුළු පාර්ශව කිහිපයක් විරෝධය පළ කළා.

එහෙත් දීර්ඝ කරුණු අධ්‍යනයකින් පසුවයි අධිකරණය මෙම තීන්දුව අද ප‍්‍රකාශයට පත් කරනු ලැබුවේ.

පාස්කු ප‍්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයින්, කතෝලික පියතුමන්ලා, ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුලූ පාර්ශව 13 ක් මෙම අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

මෙම පෙත්සම්වල වැඩිදුර විභාගය මේ මස 29 වනදා පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000