English English සිංහල සිංහල தமிழ் தமிழ்

බණ්ඩාරණායක ගුණ දෙතැනක සැමරේ.

Facebook
Twitter
LinkedIn

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග‍්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරණායකගේ 63 වන ගුණසමරුව අද පෙරවරුවේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ සහභාගීත්වයෙන් ස්ථාන දෙකකදී පැවැත්වුණා.

හොරගොල්ල – බණ්ඩාරනායක සමාධිය අභියසදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවති එක් උත්සවයකට අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනද එක්ව සිටියා.

එමෙන්ම, පසුගියදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ අමාත්‍ය මහින්ද අමරවීර හා රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න සහ රංජිත් සියඹලාපිටියද ඊට එක්ව සිටීම විශේෂත්වයක්.

ඔවුන්ට අමතරව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායකද එම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව පසුගියදා නව ලංකා නිදහස් පක්ෂය බිහි කළ එහි නායක කුමාර වෙල්ගම හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසළ පැවති ගුණානුස්මරණ උත්සවයට එක්ව සිටි බව අප වාර්තාකරු සඳහන් කළා.

කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් තවත් සැමරුමක් පැවැත්වුණේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදීයි.

ඊට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් එක්ව තිබුණා.

කෙසේ වෙතත්, ගාලූමුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අභියස කිසිදු ගුණසමරු උත්සවයක් අද සංවිධාන කර තිබුණේ නැහැ.

ඒ පිළිබද අප කළ විමසීමකදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්වරයෙකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කළේ බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ ජන්ම දින සැමරුම ගාළු මුවදොරදී සිදුකළද ගුණානුස්මරණය එම පිළිරුව අසළදී සිදු නොකරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000