English English සිංහල සිංහල தமிழ் தமிழ்

අලුත් අධි ආරක්ෂක කලාපවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

Facebook
Twitter
LinkedIn

ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප වශයෙන් නම්කරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණා.

සමාජවාදි තරුණ සංගමයේ ක‍්‍රියාකාරියෙකු වන මහේෂ් තරංග ඉඳුනිල් නැමැත්තා විසිනුයි අදාළ පෙත්සම ගොනු කරනු ලැබුවේ.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා , ආරක්ෂක ලේකම්වරයා ඇතුළු තවත් 10 දෙනෙකු නම්කර තිබෙනවා.

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් මෙලෙස අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේ පසුගිය 23 වනදායි.

කෙසේ වෙතත්, රාජ්‍ය රහස් පනත යටතේ නිකුත් කළ මෙම ගැසට් නිවේදනය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි පෙත්සම්කරු සිය පෙත්සමෙන් දක්වා ඇත්තේ.

එසේම රජයේ ක‍්‍රියාකලාපවලට එරෙහිව නැගී සිටින ජනතාවගේ විරෝධතා මර්ධනය කිරීමේ අරමුණින් එය නිකුත් කර ඇති බවත් ජනාධිපතිවරයා සතුව ජාතික රහස් පනත උපයෝගි කරගනිමින් එලෙස විශේෂ අධි ආරක්ෂිත කලාප පිහිටුවීමේ නීතිමය බලයක් නොමැති බවත් ඔහු එමගින් පෙන්වා දී තිබෙනවා.

මේ අතර, අධි ආරක්ෂිත කලාප රාජ්‍ය රහස්‍ය පනත යටතේ ප‍්‍රකාශයට පත්කළ යුතුය යන මතය කිසිදු සාධාරණීකරණයකින් හෝ පදනමකින් තොර මුලාවක් බව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසන් සභාව පෙන්වා දෙන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි රාජ්‍ය රහස් පනත සම්මත කර ඒ යටතේ ප‍්‍රකාශයක් කිරීමට රජය ගන්නා ප‍්‍රවේශය පිළිබඳව ඔවුන් දැඩි කනස්සලට පත්ව සිටින බවයි.

අධි ආරක්ෂිත කලාප ප‍්‍රකාශයට පත්කිරීම සඳහා රාජ්‍ය රහස් පනත සම්මත කිරීමට නොහැකි බවද ඔවුන් අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව අධි ආරක්ෂිත කලාප නම්කරමින් පැනවූ ගැසට් නිවේදනය ඉවත් කරගන්නා ලෙසත් ජාතික නීති සහ පිළිගත් ජාත්‍යන්තර හා ජාතික මානව හිමිකම් ප‍්‍රමිතීන් අනුගමනය කරන බවට සහතික වන ලෙසත් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම රජයට උපදෙස් දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000