English English සිංහල සිංහල தமிழ் தமிழ்

තඹුත්තේගමදී කොල්ලයක් වරදී – ගිනි අවි සමඟ දෙකක් පොලීසියේ.

Facebook
Twitter
LinkedIn

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකු විසින් නගරයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන ආ රුපියල් ලක්ෂ 223ක මුදලක් කොල්ලකා පළා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු, ගිනි අවි සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ව්‍යාපාරිකයා අද දහවල් මෝටර් රථයෙන් පැමිණ බැංකුවට ඇතුලූ වීමට ගමන් කරන අවස්ථාවේ යතුරු පැදියකින් පැමිණි කොල්ලකරුවන් ගිනි අවි පෙන්වා මෙම කොල්ලය සිදුකර ඇති බවයි.

පසුව එම ස්ථානය ආසන්නයෙන් ගමන් කළ තඹුත්තේගම පොලිස් ස්ථානයට අනුයුක්ත සැරයන් වරයෙකු කොල්ලකරුවන් පැමිණි යතුරු පැදිය ඉදිරිපිටට පැමිණ මග හරස් කර තිබෙනවා.

එම අවස්ථාවේ දී කොල්ලකරුවන් පොලිස් සැරයන්වරයාට මිරිස් කුඩු ප‍්‍රහාරයක් ද එල්ල කර ඇති අතර, එය ද නොතකා ප‍්‍රදේශවාසීන් සමඟ එක්ව කොල්ලකරුවන් මෙල්ල කර තිබෙනවා.

පසුව ඔවුන් පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් සතුව තිබි කොල්ල කන ලද මුදල්, මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, තියුණු ආයුධයක්, අත්වැස්මක් සහ ජංගම දුරකතනයක් පොලිස් භාරයට ගැනුණා.

සැකකරුවන් අවුරුදු 48 සහ 50 වයස්වල පසුවන අතර ඔවුන් තඹුත්තේගම ප‍්‍රදේශයේම පදිංචිකරුවන් වනවා. ඉන් එක් සැකකරුවෙකු අදාළ පෞද්ගලික බැංකුවේ ආරක්ෂකයෙකු ලෙස සේවය කරන බවටයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර, අද දහවල් මහරගම පන්නිපිටිය ප‍්‍රදේශයේ ඖෂධ අලෙවිසැලකට ඇතුළුවූ පුද්ගලයින් දෙදෙනෙකු ගිනි අවි පෙන්වා රුපියල් පනස් දහසක මුදලක් කොල්ලකා පලා ගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම කොල්ලකෑම සිදු කර ඇති බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000