/
/
title icon A/L කල් දමන්නැයි සිසුන්ගෙන් ඉල්ලීමක්.
A/L කල් දමන්නැයි සිසුන්ගෙන් ඉල්ලීමක්.
Editor
1 year ago
Share:
A/L කල් දමන්නැයි සිසුන්ගෙන් ඉල්ලීමක්.

මෙම වසරේ අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමෙන් තමන්ට අසාධාරණයක් සිදු වන බවට දෙවන වරට එම විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් චෝදනා කරනවා.

උසස් පෙළ විභාග ප‍්‍රතිපල නිකුත් කිරීමට මාස 6ක කාලයක ගත වීමත් මාස 3කින් යලි එම විභාගයට මුහුණ දීමට සිදු වීමෙන් තමන් දැඩි ලෙස අපහසුතාවට පත්ව සිටින බවයි එම සිසුන් කියා සිටියේ.

එබැවින් මෙවර දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය මාස 2කින් හෝ 3කින් කල් දමන ලෙසයි ඔවුන් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required