/
/
title icon ගල් අඟුරු තොගයකට අත්තිකාරම් ගෙවයි.
ගල් අඟුරු තොගයකට අත්තිකාරම් ගෙවයි.
Editor
1 year ago
Share:
ගල් අඟුරු තොගයකට අත්තිකාරම් ගෙවයි.

නොරොච්චෝලේ බලාගාරයේ හදිසි ගල් අගුරු අවශ්‍යතා සපුරාලීම සඳහා පසුගිය වසරවල ටෙන්ඩර්වලින් ඉතිරිව ඇති ගල් අගුරු තොග ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ එහි පළමු නෞකාව සඳහා අත්තිකාරම් මුදල් ගෙවීම ඊයේ සිදුකළ බවයි.

ගල් අගුරු සම්පූර්ණ අවශ්‍යතාව සපුරා ගැනීමට අදාළ දීර්ඝ කාලීන ටෙන්ඩර් සහ අත්පිට මිලදී ගැනීම්වලට අදාළ ටෙන්ඩර් මෙම සතිය තුළ ප‍්‍රකාශයට පත් කරන බවද ඔහු කියා සිටියා.

නොරොච්චෝලේ ලක්විජය ගල් අගුරු බලාගාරය සඳහා ගල් අගුරු මිලදී ගැනීමට විවෘත කළ ටෙන්ඩරය අවලංගු වීමත් සමඟ අද ක්ෂණික මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් කැඳවන බව ලංකා ගල් අගුරු සමාගම පසුගියදා ප‍්‍රකාශ කර තිබූ පසුබිමකයි අමාත්‍යවරයා ඊයේ මෙම ට්විටර් සටහන තබා ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required