/
/
title icon ලංකාවේ පළමු වරට කාන්තා නාවිකයින් මුහුදු පතුලට.
ලංකාවේ පළමු වරට කාන්තා නාවිකයින් මුහුදු පතුලට.
Editor
1 year ago
Share:
ලංකාවේ පළමු වරට කාන්තා නාවිකයින් මුහුදු පතුලට.

“උත්සාහවන්ත කාන්තාවකට කළ නොහැක්කක් නොමැත.”  මෙහි සත්‍යතාවය  වරින් වර අපට දැක ගත හැකි වී තිබේ.  පිරිමි පුද්ගලයෙකු තරමටම කාන්තාව ද ලෝකයේ සෑම ක්ෂේත්‍රයකම තම දස්කම් පෙන්වනු අද දැක ගත හැකිය. ඉතිං ලංකාවේ කාන්තාවන් ලෝකය පුරා විවිධ වූ තරඟාවලි ජයග්‍රහණය කරනු,සම්මාන ලබනු ඔබත් දැක ඇති. එවන් අභිමානවත් මානව සම්පතක් ඇති රටක් හිමි අපට අනාගතය ගැන බිය වීමට අවශ්‍යතාවයක් තිබේ ද?

ඉතිං “රට වට බැඳී රන් වැට” ලෙස අප කාගේත් අවධානය හා ගෞරවය දිනා සිටින්නේ නාවික හමුදාව යි. ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් අංශය ස්ථාපිත කර ඇත්තේ 1962 වර්ෂයේ ය. එසේම නාවික හමුදා කිමිදුම්කරුවන් වෙත වඩාත් හොඳ හා ගුණාත්මක කිමිදුම් පුහුණුවක් ලබාදීමේ අරමුණින් 1998 වර්ෂයේ දී නාවික හමුදා කිමිදුම් පුහුණු පාසල ත්‍රීකුණාමල නාවික හමුදා තඨාකාංගණ පරිශ්‍රයේ දී ස්ථාපිත කර ඇත. එහි සාර්ථක ප්‍රතිඵල අද දැක ගත හැකිය.

නාවික හමුදා කිමිදුම් අංශයේ සේවය ගැන කතා කිරීම ඉතාමත් වැදගත් වේ. ඒ යටත් ඔවුන් විසින් දෛනික කිමිදුම් සහය ලබාදීමේ මෙහෙයුම් සඳහා අදාළ දායකත්වය ලබාදීම්, දිය යට පරීක්‍ෂා කිරීම්, අළුත්වැඩියා කිරීම්, නඩත්තු කිරීම්, ගොඩගැනීමේ මෙහෙයුම්, දිය යට ඉදිකිරීම්, දිය යට මිණුම් කටයුතු, දිය යට සෙවීම්, මුදා ගැනීම්, රජ්‍ය හා පෞද්ගලික අංශය වෙත අවශ්‍ය විවිධ කිමිදුම් සහය ලබාදීම් ඇතුළුව කිමිදුම් මෙහෙයුම් සඳහා දායකත්වය ලබාදෙනු ලබයි. රටක පැවැත්ම හා මිනිසුන්ගේ පැවැත්ම උදෙසා මෙවන් දායකත්වයන් කෙතරම් වැදගත් වේ ද?.. මේ පුහුණු වීම් විවිධ අනතුරු, හදිසි ආපදා, ජලයේ ගිලීම් වැනි හදිසි තත්වයන් වලදී ජීවිත ගණනාවක පැවැත්ම උදෙසා උපකාරී වන්නට ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට මූලික කිමිදුම් පාඨමාලාව සාර්ථක නිම කළ කාන්තා නාවිකයින් 3ක් හට සහතිකපත් පිරිනැමීම පසුගිය 24 වන දින සිදු විය. ඒ නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් වන අතර ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණ නාවික හමුදා කිමිදුම් පාසලේදී ය. මේ අවස්ථාව ඔවුන්ට හිමි වන්නේ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ අදහසක් මත කිමිදුම් අංශයට කැමැත්තක් දක්වන කාන්තා නාවික පුද්ගලයන් හට මූලික කිමිදුම් පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව ලබා දීම මතයි.

ඒ අනුව පාඨමාලාවට අයදුම් කළ කාන්තා නාවිකයින් අතුරෙන් මූලික කිමිදුම් පාඨමාලාව හැදෑරීම සඳහා අවශ්‍ය ශාරීරික යෝග්‍යතාවය සහිත කාන්තා නිලධාරින් දෙදෙනෙකු සහ එක් කාන්තා නාවිකයෙකු අවස්ථාව හිමි කර ගත්හ. 2022 සැප්තැම්බර් මස 5 වැනිදා ත්‍රිකුණාමලය නාවික හමුදා තඨාකාංගණ කිමිදුම් පාසලේ දී ආරම්භ කළ දින 20 කින් යුත් මූලික කිමිදුම් පාඨමාලාව 2022 සැප්තැම්බර් මස 24 වන දින ඔවුන් සාර්ථකව සම්පූර්ණ කරන ලදි.

නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට මූලික කිමිදුම් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ ලුතිනන් (සැපයුම්) ගයංකා සතරසිංහ හා උප ලුතිනන් (ස්වේච්ඡා) නිමාෂා ජයවික්‍රම යන කාන්තා නිලධාරීන් ‍දෙදෙනා වෙත සහ කාන්තා බල ශාරීරීක අභ්‍යාසක ජීඩීඩී සකුන්තලා වෙත සහතිකපත් ප්‍රධානය කිරීම මෙලෙස ත්‍රීකුණාමල නාවික හමුදා කිමිදුම් පාසලේදී සිදුකෙරිණි.
ලංකා නාමය ලෝකය ඉදිරියේ බැබලවීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබ සියලු දෙනාට නිවඩුව ලැබේවා යි යන්න අප සැමගේ ප්‍රාර්ථනාවයි.

භාග්‍යා බණ්ඩාර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required