English English සිංහල සිංහල தமிழ் தமிழ்

නින්ද නිසා සීමාව ඉක්ම වූ රුහුණු කුමාරි ධාවනාගාරයේදී පීලි පනී – 10 කට එරෙහිව විමර්ශන.

Facebook
Twitter
LinkedIn

දෙමටගොඩ ජලශක්ති ධාවනාගාරයට රැගෙන ආ රුහුණු කුමාරි දුම්රිය එම අංගනයේ නැවතීමේ සීමාව ඉක්මවා ධාවනය කරවීම හේතුවෙන් පීලිපැනීමට ලක්වී ඒ අසළ පිහිටි ගොඩනැගිල්ලකට හානි සිදුවී තිබෙනවා.

සේවා කටයුතු සඳහා අංගනය වෙත ගාල් කිරීමට රැගෙන ආ දුම්රියයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේ අපරික්ෂාකාරීව දුම්රිය ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. එය ධාවනය කළ රියදුරු සහයකයාට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවටද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී දුම්රිය ධාවනය කළ සේවකයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ඊට විරෝධය පළ කරමින් සේවයෙන් ඉවත්ව දුම්රිය රියදුරු සහයකයන් ඊයේ දහවල් වර්ජනයක් ආරම්භ කළා.

කෙසේ වෙතත් පසුව පාලනාධිකාරිය සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව වර්ජන ක‍්‍රියාමාර්ගය අත්හැරීමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් එම අවස්ථාවේදී සේවය කළ 10 දෙනෙකු සම්බන්ධයෙන් මූලික විමර්ශනයකින් අනතුරුව ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම සිද්ධියත් සමඟ එම අංගනයෙන් දුම්රිය පිටතට ගැනීමට බාධා මතුවීම නිසා ඊයේ පස්වරුවේ දුම්රිය ප‍්‍රමාදයක් ද හටගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000