English English සිංහල සිංහල தமிழ் தமிழ்

කජීමාවත්තේ ගින්නෙන් නිවාස 80 ක් විනාශයි – 220 ක්  අවතැන්.

Facebook
Twitter
LinkedIn

තොටළඟ – කජීමාවත්තේ ඇති වූ ගින්නෙන් පැල්පත් නිවාස 80ක් විනාශ වී ඇති බව පොලිසිය සඳහන් කළා. එහි සිටි 220ක පිරිසක් කැලණිය නදී විහාස්ථානයේ සහ මෝදරඋයන මහල් නිවාස සංකීර්ණයේ ප‍්‍රජා ශාලාවේ රදවා ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, ග‍්‍රෑන්ඞ්පාස් පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ අද එම ස්ථානය පරීක්ෂා කිිරීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණීමට නියමිත බවයි.

ඊයේ රාත‍්‍රී අටට පමණ තොටළඟ – මෝදරඋයන මහල් නිවාස සංකීර්ණය අසළ පිහිටි කජීමාවත්තේ මෙම ගින්න හටගත් අතර, ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 10 ක් පමණ යෙදවීමටයි පියවර ගැනුණේ.

ඒ සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ මෙන්ම නාවික හමුදාවේ ගිනි නිවීමේ රථද එක්ව තිබුණා.

ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් එම ප‍්‍රදේශයේ ජනතාවගෙන් අද ප‍්‍රකාශ ගැනීමට නියමිත අතර විමර්ශණ සඳහා කණ්ඩායම් තුනක් යොදවා ඇති බවයි.

මේ අතර මෙම ගින්න හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නැයි මේ දිනවල ජපානයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරයා එහිදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත උපදෙස් ලබාදී ඇත්තේ ති‍්‍රවිධ හමුදාපතිවරුන්ට, කොළඹ දිස්ති‍්‍රක් ලේකම්වරයාට සහ අදාළ බලධාරින්ට ඒ සම්බන්ධයෙන් වහාම උපදෙස් ලබාදෙන ලෙසයි.

ඒ අනුව ජනාධිපති ලේකම්වරයා විසින් අදාළ පාර්ශව වෙත අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000