English English සිංහල සිංහල தமிழ் தமிழ்

රාජ්‍ය සේවකයින්ගේ ඇඳුමට සහනයක්.

Facebook
Twitter
LinkedIn

රාජ්‍ය නිලධාරීන් සමාජ මාධ්‍ය වෙත අදහස් ප‍්‍රකාශ කිරීමට අදාළව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඊයේ චක‍්‍රලේඛයක් නිකුත් කළා.

එහි දැක්වෙන්නේ ආයතන සංග‍්‍රහයෙහි දෙවන කාණ්ඩයේ අදාළ විධිවිධාන අනුගමනය නොකර, රජයේ නිලධාරියෙකු විසින් සමාජ මාධ්‍ය වෙත අදහස් දැක්වීම, විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බවයි.

ආයතන සංග‍්‍රහයේ දෙවන කාණ්ඩයේ හයවන වගන්තියෙහි රජයේ නිලධාරීන්ට අදාළව ජනමාධ්‍යවලට හෝ මහජනයාට නිල ප‍්‍රවෘත්ති සැපයීම පිළිබඳව ද සඳහන් වනවා. එහිදී තම විෂයපථයට අදාළ වැදගත් තොරතුරු නිකුත් කළ හැක්කේ ලේකම්වරයා හෝ දෙපාර්තමේන්තු ප‍්‍රධානියාට පමණයි.

එයද රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්මේන්තුව මගින් යැවිය යුතු අතර, සත්‍ය සහ නිවැරදි සංඛ්‍යාලේඛනවලට සීමාවිය යුතුයි. රජය අසීරුතාවකට පත්වන තොරතුරු ප‍්‍රකාශ නොකළ යුතු අතර, විවේචනය කිරීමට හෝ දුක් ගැනවිලි ප‍්‍රකාශ කිරීමට රාජ්‍ය නිලධාරීන්ට ජනමාධ්‍ය යොදාගත නොහැකි බවද ආයතන සංග‍්‍රහයේ සඳහන් වනවා.

නිර්නාමිකව හෝ ආරූඪ නාමිකව ලිපි සැපයීමෙන් වැළකිය යුතු බව එහි 47 පරිච්ජේදයේ හත්වන වගන්තියේ සඳහන්.

එසේම ආයතන සංග‍්‍රහයේ පළවන කාණ්ඩයේ සඳහන් පරිදි දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම් නොමැති නිලධාරියෙකු, සිදු නොකළ යුතු ක‍්‍රියාවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුකිරීම වරදක් වන අතර, එවැනි නිලධාරීන්ට එරෙහිව විනයානුකූල ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසයි අදාළ චක‍්‍රලේඛයේ දැක්වෙන්නේ.

මේ අතර රජයේ සේවකයන්ට කාර්යාල වෙත පැමිණීමේදී සහ රාජකාරියේ යෙදීමේදී රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන ආකාරයේ සුදුසු කාර්යාලීය ඇඳුමකින් සැරසී සිටීමට ඉඩ දෙන ලෙසද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා ආයතන ප‍්‍රධානීන්ට දැනුම්දී තිබෙනවා.

ඒ, ඊට අදාළව තවත් චක‍්‍රලේඛයක් නිකුත් කරමින්. චක‍්‍රලේඛ හඳුන්වාදී තිබියදී නිලධාරිනියන්ට සාරිය හෝ ඔසරිය පමණක් භාවිත කරන ලෙසට ඇතැම් ආයතන ප‍්‍රධානීන් නියෝග කර ඇති බව වාර්තාවන බවයි එහි දැක්වෙන්නේ.

කෙසේ වෙතත් රජයේ නිලධාරියෙකු පාර්ලිමේන්තුව, අධිකරණය, ජාතික හෝ ජාත්‍යන්තර උත්සව මෙන්ම සම්මන්ත‍්‍රණවලට සහභාගිවීමේදී නියම කර ඇති ඇඳුමින් සැරසිය යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000