/
/
title icon නොරොච්චෝලේ බිඳ වැටීමෙන් අහිමි වූ මෙගාවොට් 270 කැළණිතිස්සෙන් සහ ඇඹිලිපිටියෙන්.
නොරොච්චෝලේ බිඳ වැටීමෙන් අහිමි වූ මෙගාවොට් 270 කැළණිතිස්සෙන් සහ ඇඹිලිපිටියෙන්.
Editor
1 year ago
Share:
නොරොච්චෝලේ බිඳ වැටීමෙන් අහිමි වූ මෙගාවොට් 270 කැළණිතිස්සෙන් සහ ඇඹිලිපිටියෙන්.

නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත‍්‍රයේ හටගෙන ඇති දෝෂය හේතුවෙන් අහිමිව යන මෙගාවොට් 270 ක විදුලි ධාරිතාවය කැලණිතිස්ස බලාගාරයෙන් සහ ඇඹිලිපිටිය ඒස් පෞද්ගලික බලාගාරයෙන් ලබාගෙන තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ කැලණිතිස්ස බලාගාරයට විදුලි ජනන කටයුතු සඳහා නැප්තා ලැබීමත් සමඟ මෙගාවොට් 170 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කර ඇති බවයි.

එමෙන්ම ඇඹිලිපිටිය ඒස් පෞද්ගලික බලාගාරයෙන්ද මෙගාවොට් 100 ක විදුලි ධාරිතාවක්ද එක් කර තිබෙනවා.

මෙලෙස පෞද්ගලික බලාගාරවලින් විදුලිය ලබාගැනීමට මහජන උපයෝගීතා කොමිසම ඊයේ විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන්නා. ඒ, ඉදිරි දින කිහිපය තුළ වැඩි විදුලි කප්පාදුවකින් තොරව විදුලිබල පද්ධතිය පවත්වාගෙන යාමටයි.

අද දිනයේ පැය දෙකයි විනාඩි විස්සක විදුලි කප්පාදුවක්ද සිදුකිරීමට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.

මේ අතර, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියේ දැනට අක‍්‍රියව පවතින දෙවන ජනන යන්ත‍්‍රය ඔක්තෝම්බර් 1 වනදා ජාතික පද්ධතියට එක් කරන අතර තුන්වන ජනන යන්ත‍්‍රයද ලබන සඳුදා වනවිට ජාතික පද්ධතියට එක් කිරීමට හැකි බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required