/
/
title icon ආමි සුරංග අත්අඩංගුවට.
ආමි සුරංග අත්අඩංගුවට.
Editor
1 year ago
Share:
ආමි සුරංග අත්අඩංගුවට.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වූ බුද්ධික ප‍්‍රසාද් හෙවත් ආමි සුරංග සහ චාමර චතුරංග මුල්ලේරියාව – වල්පොල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මොවුන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් දෙදෙනා අවුරුදු 29 සහ 34 යන වයස්වල පසුවන කඩුවෙල සහ හිඹුටාන ප‍්‍රදේශයේ පදිංචිකරුවන්. ආමි සුරංග නමැත්තා 2018 වසරේදී පෑලියගොඩ පොලිස් වසමේ මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් සමඟ අත්අඩංගුවට පත්ව තිබුණා.

එමෙන්ම 2020 වසරේදී පොලිස් හැදුනුම්පතක් ව්‍යාජ ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් ද මොහුට චෝදනා එල්ල වනවා.

2014 වසරේදී වැල්ලම්පිටිය උමගිලිය ක්‍රීඩාංගණයේ පැවති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලන රැස්වීම් වේදිකාවකට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙසද මොහු නම් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required