/
/
title icon හෙට ලොවට සුපිපෙන මල් කැකුළු.
හෙට ලොවට සුපිපෙන මල් කැකුළු.
Editor
1 year ago
Share:
හෙට ලොවට සුපිපෙන මල් කැකුළු.

“මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට
පෙළක් ළමුන් සුවද ගොඩයි පෙළක් ළමුන් හරිම හැඩයි”

ලෝකය සුවදවත් කරන්නේ මල්‍ ය. ලෝකය සුන්දර කර්න්නේත් වර්ණවත් කරන්නේත් මල්‍ ය. ලෝකයේ කිනම් හෝ රටක කිනම් හෝ දේශයක වේවා ළමුන් සම කරන්නේ මල් වලටය. ලොව විවිධ මල් වලට විවිධ වෙනස්කම් විවිධ කුල තිබුනද ළමුන් නම් එසේ වෙනස් කොට නොසැලකිය යුතු කොටසකි. ලෝකයේ ළමුන් වෙනුවෙන් විවිධ අංශ වෙන් කොට තිබේ. ලෝකයේ වෙසෙන ළමයින් මොහොතකට පසෙක තබා ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවත්නා රටක ළමයින් පිළිබඳ මදක් අවධානය යොමු කොට බලන්නේ නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවට බදුන් කල යුතු කරුණු බොහෝය. ළමයා යන්නෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඣප්තියට අනුව වයස අවු.18 ට අඩු සෑම මනුෂ්‍යයෙකු ම අදහස් වේ. ඒ අනුව ළමයා මවුපිය ආදරය අපේක්ෂා කරන කරුණාව හා දයාව ලැබිය යුතු මාපියන්ගේ මෙන්ම සමාජයේ රැකවරණය ආරක්ෂාවට ලක් විය යුතු පිරිසක් ලෙස ළමුන් හදුන්වා දිය හැකිය.
වර්තමානය වන විට ළමයින්ගෙන් විශාල පිරිසකට ඔවුන්ගේ තම ළමා කාලය නිසි පරිදි ගත කිරීමට අවශ්‍ය කරන පහසුකම් හිමි වී නොමැත. ළමුන්ට එරෙහිව අපයෝජන තත්ත්වයන් වත්මන් සමාජය තුළ සන්සන්දනාත්මකව ඉහළ අගයක් ගනු ලබන අතර විශේෂයෙන්ම ළමා අපයෝජන සුවිශේෂී ගැටලුවක් ලෙස නූතනයේ පිළිගැනෙයි.

වත්මන වන විට මෙම ගැටලුවට පැහැදිලි ලෙසම මුහුණ දෙන පිරිස බවට පත් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන ළමුන්‍ ය. අතීතයේ ගම තුළ පැවති සාමූහිකත්වය සහ අන්‍යෝන්‍ය සම්බන්ධතා යනාදිය පෙරටු කර ගනිමින් ළමුන්ට සියලු දෙනාගේ ආරක්ෂා, රැකවරණය හිමි වූවද වර්තමානය වන විට එය සහමුලින්ම වෙනතකට පරිවර්තනය වී ඇත්තේ ඉතාමත් නින්දිත අයුරිනි.
ග්‍රාමීය ප්‍රදේශයන්හි සමස්ථ ළමුන් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ළමා මෙහෙකාර සේවය, ළදරු මව්වරු මෙන්ම විවිධ වැරදි ක්‍රියාවන්ට යොමු වී මුළු ජීවිත කාලයම අදුරෙහි හෙළා ගන්නා ආකාරය යනාදී බොහෝ පැතිකඩයන් පෙන්වා දිය හැකිය. මෙම ග්‍රාමීය ප්‍රදේශයන් තුළ දරුවන් ළමා මෙහෙකාර සේවයේ යෙදවීම සිදු වන්නේ දෙමාපියන්ගේද අනුදැනුම මත වීම ඉතාම සෝචනීය ය. බොහෝ විට දෙමාපියන්ගේ දුප්පත්කම හේතුකොටගෙන මෙවැනි සිද්ධි වාර්තා වීමද සිදු වේ. එනම් තම දරුවාට අවශ්‍ය අධ්‍යාපනය, කෑම බීම ආදී පහසුකම් ලබා දීමට නොහැකිවා සේම තම පවුලේ දරිද්‍රතාවය යම් තරමකට හෝ තුරන් කාර ගැනීම උදෙසා මෙසේ ළමුන් මෙහෙකාර සේවයේ යොදවයි. නමුත් නගරයේ ඉහළ පැලන්තියේ යැයි කියාගන්නා ළමුන්ට සේම මෙම දරුවන්ටද ඉගෙනීමට රසවත් ආහාර අනුභව කිරීමට, විසිතුරු ඇදුම් ආයිත්තම් පැළදීමට අයිතියක් ඇත.නමුත් ඉහළ සමාජ පැලැන්තිය ඒ සියල්ලම බිල්ලට ගනු ලබන්නේ එම දරුවන් දරිද්‍රතාව සහිත පවුලක උපත ලද වරදටය.

එසේම මෙම ග්‍රාමීය ප්‍රදේශයන්හි ප්‍රධාන ජීවිකාව ගොවිතැන වීම හේතුවෙන් ද ළමුන්ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝනය වන අවස්ථා දැක ගැනීමට හැකි වෙයි. නිවසේ වැඩිහිටියන් තම අත් උදව්වට යැයි පවසා මෙසේ ළමුන් හේනට, කුඹුරට රැගෙන යාම හේතුවෙන් ළමුන්ගේ පාසල් ගමන නවතී. මෙවැනි සිද්ධි ග්‍රාමීය ප්‍රදේශවලින් තවමත් වාර්තා වීම මෙතරම් දියුණු රටක පුදුම සහගත වුවත් එම සංවර්ධනය ගමට ගොස් ඇති ආකාරය මොනවට පසක් කරයි.

මීට අමතරව ගත් විට මෙම ග්‍රාමීය ප්‍රදේශවලින් ළදරු මව්වරු බිහි වීම බොහෝ සෙයින් වාර්තා වෙයි. මා දකින ලෙසට මේ සදහා බලපාන ප්‍රධාන කාරණය වන්නේ විශේෂයෙන් ගැහැණු සහ පිරිමි යන දෙපාර්ශවය සදහාම ප්‍රජනනය සම්බන්ධයෙන් හරියාකාර දැනුමක් නොමැති වීමයි. මෙම තත්ත්වය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය බිද වැටෙයි. කුඩා කල සිටම මවකගේ පියෙකුගේ වගකීම් දැරීමට සිදු වෙයි. මෙම තත්ත්වය යටතේ නැවත ඔවුන්ට උපදින දරුවන්ටද මුහුණ දීමට සිදු වන්නේ අසරණ තත්ත්වයකටය. ගමේ හෝ වේවා නගරයේ හෝ වේවා මෙවන් සිදුවීම් වළක්වාලීමට නිසි ක්‍රියා පිළිවෙතක් සකස් කිරීම අත්‍යවශ්‍ය බව සිහි තබා ගත යුතුය.

ළමුන් සම්බන්ධයෙන් සමාජගත වන පුවත් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ළමා අපචාර, අපයෝජන මුල් තැනක් ගනී. මෙම පුවත් අතරින්ද ග්‍රාමීය ප්‍රදේශයන් වලින් එවැනි පුවත් වාර්තා වීමේ යම් ප්‍රවණතාවක් දක්නට ලැබේ. ළමුන්ගේ කායික මෙන්ම මානසික වශයෙන් සිදු කරන ඕනෑම පීඩාවක් මෙම අපචාර හා අපයෝජන යටතට ගත හැකිය මෙවැනි සිද්ධි ගම් තුළ සිදු වුවත් ඒවයෙන් බාහිරට පමිනෙන්නෙ ඉතාමත් සුලු ප්‍රමාණයකි. ඇතැම් සිද්ධි උපන් ගෙහිම වැළලී යන්නේ ඉතාමත් අවාසනාවන්ත අන්දමිනි. එවැනි සිදුවීමි වලට ලංකාවේ පවතින නීතිය මත දරුවන්ට සාධාරණයක් ඉටු වන්නේද ඉතාමත් අවම වශයෙනි. කෙසේ වුවත් මෙම ළමා අපචාර හා ආයෝජන සම්බන්ධයෙන් කෙතරම් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වුවද ඒවා ක්‍රියාවට නැවෙන්නේද ඉතාමත් අවම වශයෙනි.

මා ඉහතින් සදහන් කරන ලද පරිදි ළමුන් යනු මල් වැනි පිවිතුරු කොට්ඨාශයකි. එම පුෂ්පයන් රටට ලෝකයට වැඩදායී පුද්ගලයෙකු ලෙසින් සුපුෂ්පිත කිරීමේ වගකීම පැවරෙන්නේ දෙමව්පියන් ඇතුලු වැඩිහිටියන් පිරිසටයි. මලක සුන්දරත්වය රදා පවතින්නේ එය නටුව තුළ රදා පවතිනතාක් පමණි. එය නටුවෙන් ගිලිහුණු දාට පර මලක් බවට පත් වන්නේ සුසුම් ලමිනි. මලක් නටුව සමග ගස තුළ පවතිද්දී එහි සුන්දරත්වය විදීමට සැම දෙනාටම නොහැකිය. ඒ සදහා පිවිතුරු සිතක් තිබිය යුතුය. එවැනි සිත් ඇති මිනිසුන් අසල ගම හෝ නගරය හෝ කොහේ වුවද ළමුන්ගේ මුහුණු මත සිනාවන් ඇදෙනු ඇත. අපගේ මතු පරපුර වෙනුවෙන් එවන් මිනිසුන් මිහිතලය මත බිහි විය යුතුම කාලයයි මේ.

සනෝජා රන්හොටිබණ්ඩාර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required