English English සිංහල සිංහල தமிழ் தமிழ்

පිටකවරයක් දැමූ හිතක් එක්ක මොහොතක්

Facebook
Twitter
LinkedIn

හුඟක් ඉස්සර නුඹව දුටු තැන
පිපෙනවා ලු මල් ඉඳහිට
අද යන එන අයට පෑගී
මිය අදිනවාලු හදවත

හුස්ම ගන්නට බැරිම දවසක
පපුවෙන් උදුරා ගුලි කොට
විසි කලා එය ඈත පෙනෙනා
කලුම කලු අහසට

ඔය දිලෙන්නේ හඳ නෙවෙයි
මගෙ හදවත”

හඳ තරම් ලෙන්ගතුම කවි හිතක් එක්ක අද අපේ කතා බහ ඇරඹෙන්නේ මුහුණු පොතේ කවි කෙරූ දැනට ක්ෂෙත්‍රයේ ආධුනික කවියෙකු වන යසිත උපමාල් ජයසිංහ නම් තරුණ කතුවරයා සමඟයි.

ඉතින් අවසරද, පිටකවරයක් දැමූ හිතක ඇතුලාන්තයට කතා කරන්න අපිට? ආයුබෝවන්
යසිත සහෝදරයා,

ආයූබෝවන්. ඔව් නිසැකවම අපි කතා කරමු ඒ ගැන.

හිතක් එළි කරන එකත් පහසු දෙයක් නෙවේ. මේ පිටකවරයක් දැමූ හිතක් ? මම හරි නේද?

පිටකවරයක් දාපු හිත් ඇතුළෙත් අපි නොදන්න කතාවක් ගොණු වෙලා තියෙනවා. ඉතින් ඒ හිත් එළි කරන්න පහසු නොවුන් කරන්න පුළුවන් ඔයාලා වගේ අයට.

අපේ කතාව පටන් ගන්න මත්තෙන්, යසිත නොදන්න ගොඩක් අය ඇති ඉතින් අපි මුලින් ඔබව හදුනාගෙන ඉමු 

මම යසිත උපමාල් ජයසිංහ. ගම් පළාත මතක් කරොත් ගම්පළ. ගම්පළ ජිනරාජ මහා විද්‍යාලයෙන් ඉගෙනුම් කටයුතු කර දැනට රුහුණ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය හදාරන විද්‍යාර්ථීයෙක්.

ඒ විතරක් නෙවේ. හොඳ ක්‍රීඩකයෙක් ?

ඔව්. රුහුණු විශ්වවිද්‍යාලයේ පාපන්දු හා මළල ක්‍රීඩා කණ්ඩායම් නියෝජනය කරනවා.

මේ දවස්වල අලුත් විස්තර මොනවද කියලා මතක් කරොත්?

මේ දවස්වල මගේ දෙවනි පොත කරගෙන යනවා.
ඒ වෙනුවෙන් කාලය වෙන් කරගෙන තියෙනවා ඉගෙනුම් වැඩත් එක්කම.

මම හිතන්නේ මනුස්සයෙක්ගේ හදිසි හැඟීම් තමයි ඉක්මනින් නිර්මාණය වෙලා පිටට එන්නේ.
පොතක් ලියනවා කියන එක කොච්චර අමාරුයිද කියලා මම තේරුම් ගත්තේ පළවනි පොත් කරලා ඉවර වුණාට පස්සේ ඒ පොතේ ඇතුළාන්තයට ආපහු හැරිලා බැලුවමයි. මොකද කියනවා නම් අපිට අපේ හැඟීම් ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් ඒ හැඟීම් මිනිස් හිත් වලට කා වදින් විදිහ එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ හැඟීම් එක්ක අලුත් ගමනකට අඩිතාලමක් දාගෙන යනව මේ දවස්වල.

කවිය කියන්නේ වචනයක් විතරක්ම නෙවෙයි. කවිය ගැන කවියෙක් විදිහට ඔබේ අදහස මොකක්ද?

කවිය කියන්නේ ලෝකේ අමාරුම දෙයක්. ඒකට හේතුව තමයි මේ ලියන කියන දේ එක්ක් මිනිස්සුන්ගේ ජීවිතේ ඇතුළට යන්න තියෙන ඉඩ ප්‍රස්තාව ගොඩක් වැඩී. ඒ නිසාම තමයි මම කවිය තෝර ගන්නේ.

මේ වගේ ක්ෂේත්‍රයක මුල පුරන්න යම් හේතුවක් අති ජීවිතේ. ඒ ගැන කිව්වොත්

ඇත්තටම මේ වගේ ක්ෂේත්‍රයකට එන්න හේතුවක් තමයි මගේ ගෙදර පසුබිම. ගෙදර අම්මා තාත්තා පොත් එක්ක ඉන්න පිරිසක් මගේ වටා ඉන්නේ. ඒ ලැබුණු පන්නරයත් එක්ක තමයි. ඒත විශ්වවිද්‍යාල වරම් ලබලා කාලයක් ෆේස්බුක්, විවිධ පොත් පත් වල දැනුම් ලබා ගෙන ඒ ඒ කවීන්ගේ අනුභාෂය ලබා ගත්තට පස්සේ කවියට පිවිසුනා.

තවත් එක හේතුවක් වුණා එක්තරා අවස්ථාවකදී ආදරයක් නිසා දැනුණු විරහව සමඟ ඇති වූ හිස්කමත් එක්ක තමයි මගේ හැඟීම් අකුරු වලට ගලාගෙන ගියේ පොතක් දක්වාම.

රචකයෙක් කියන තැනින් එහා ගොස් රටේ තරුණයෙක් විදිහට මේ වගේ කාලයක් දැනෙන්නෙ කොහොමද?

රටේ තියෙන ප්‍රශ්න වලින් පීඩාවට පත් වුණු පිරිස වැඩී. ඒ එක්කම රට දාලා යන පිරිස් එන්න් එන්නම් වැඩි වෙනව. ඒත මගේ මතය නම් යම් අවස්ථාවකදී අල්ලගෙන ඉන්න දරාගෙන ඉන්න අරගලය ඇතුලේ සැබෑ ලෙසින් ඒකට පන පොවන්න පුළුවන් කවියෙක්ට. සමාජයට කාලෙන් කාලෙට හැඩ ගැහෙන්න මිනිස්සු හැඩගස්සවන්න පුළුවන් කවියෙක්ගෙ සිතුවිලි වලට.


ජීවිතයත් මිනිස්සුන්ට දැන් අරගලයක් වෙලා, ඒ අරගලය දුරින් ඉදන් මේ ක්ෂේත්‍රයේ කවියො විදිහට දකින දෘෂ්ටිකෝණය මොකක්ඩ්ද?

අරගලයක් ඇතුලේ විශේෂම දේ කරන්නේ කවියෝ. කවියෙකුට අරගලේ ඇතුලේ කරන්න පුළුවන් දේ බොහොමයි. අරගලය මේ මොහොතේ තිබිලා ඉවර වෙන්න පුළුවන්. නමුත් අරගල ඇතුලේ තව බොහෝ දේ මේ ගැන කාලයක් යද්දි කතා වෙන්න පුළුවන්. ඒ නිර්මාණය වූ සියල්ල අනාගත පරපුරට දායාද කරන්න පුළුවන් කවියෙකුට විතමයි.

ඒ ගැන් මම නන්දා මාලිනී මහත්මියගේ කවියකින් උපුටා ගත් ගීතයකින් විස්තර කරොත්,

” යදමින් බැඳ විලංගුලා – මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇඟිලි තලා – දෙතිස්වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම – දඩුවම් දෙන වරදක් නම්
කුමට එරට අදිකරනය – නීතිය හා විනිසුරන්….”

තව පරම්පරා විශාල ගාණට මේ දේවල් වල සැබෑ දේවල් විදින්න ඒ දේවල් රස ගන්වන්නට පුළුවන් කවියෙක්ට විතරමයි.

කවියෙන් එපිටට ගොස් ජීවිතේ ඉදිරි බලාපොරොත්තු මොනවද ?

ඒකාකාරී රැකියාවකින් ඔබ්බට ගොස් මගේම දෙයක් එක්ක ඉදිරියට යන්න නිදහසේ පොත් එක්ක ජීවිතේ හරි බරක් අරන් නොගිහින් සැහැල්ලුවෙන් ගෙවන්න අදහස් කරගෙන ඉන්නවා. අපිට පුළුවන් අපේ හිතට එන එක හැඟීමක් තප්පරයකින් බෙදා ගන්න.

අවසාන වශයෙන් කියන්න දෙයක් ඔබේ මතයක් ඇති. ඒ දේ ගැනත් කිව්වොතින්.

නිර්මාණය මිනිස්සු හිතේ තියන් ඉන්නෙ නැතුව එළියට දාන්න හැකියාවක් තියෙන්න ඕනේ. තමන්ගේ සිතුවිලි එක්ක දැන් තාක්ෂණයේ දියුණුවත් සමඟ විශාල තෝතැන්නක් හැදිලා තියෙනවා. එය නව මාධ්‍ය , සමාජ මාධ්‍ය විය හැකි. ඒ ආකාරයෙන් හෝ තවත් පරම්පරාවකට දීමට හැකි විය යුතුය. එයට තවත් ක්‍රම වලින් අනිවාර්යයෙන්ම අවස්ථාව ගත යුතුය.

චලනි යාපා බණ්ඩාර.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000