/
/
title icon පෙම් හසුනක් නිසා ගුටි ඇණගත් ඇමති පුතුට ඇප – ඇමති මව්පියන්ගෙන් සමාව ගනී.
පෙම් හසුනක් නිසා ගුටි ඇණගත් ඇමති පුතුට ඇප – ඇමති මව්පියන්ගෙන් සමාව ගනී.
Editor
1 year ago
Share:
පෙම් හසුනක් නිසා ගුටි ඇණගත් ඇමති පුතුට ඇප – ඇමති මව්පියන්ගෙන් සමාව ගනී.

කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ උපකාරක පන්තියක් අසලදී තම පුත‍්‍රයා ඇතුළු පිරිසකගේ පහර කෑමට ලක්වූ සිසුන් දෙදෙනාගේ මව්පියන් වෙත සිය කණගාටුව පළ කරන බව රාජ්‍ය අමාත්‍ය ප‍්‍රසන්න රණවීර පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසට තමන් පොලිසියෙන් ද ඉල්ලා සිටි බවයි.

කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ පිහිටි උපකාරක පන්තියක් අසලදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් අදාල පන්තියේ සිසුන් දෙදෙනෙකුට පහර දී තිබුණේ පෙරේදා පස්වරුවේයි.

කළු පැහැති මෝටර් රථයකින් පැමිණි 5 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙම පහරදීම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසීන් පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය විසින් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරුවන්ගෙන් කළ ප‍්‍රශ්න කිරීමේදී ඔවුන් අතර කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප‍්‍රසන්න රණවීරගේ 20 හැවිරිදි පුත‍්‍රයාද සිටින බව පොලිසියට අනාවරණය වී තිබෙනවා.

පොලිසිය පැවසූවේ ඇමති පුත‍්‍රයාගේ මිතුරෙකුගේ පෙම්වතියට, පහර කෑමට ලක්වූ සිසුවෙකු පෙම් හසුනක් දීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම පහරදීම සිදු කර ඇති බවයි.

පහර කෑමට ලක්වූ සිසුන් දෙදෙනා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා ප‍්‍රතිකාර ලබාගෙන රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

පොලිසිය පැවසූවේ අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය ප‍්‍රසන්න රණවීරගේ පුත‍්‍රයා ඇතුළු පස් දෙනා පොලිස් ඇප මත මුදාහැරි බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required