/
/
title icon ණයගත් ව්‍යවසායකයින්ට සහනයක් ලැබෙන ලකුණු.
ණයගත් ව්‍යවසායකයින්ට සහනයක් ලැබෙන ලකුණු.
Editor
1 year ago
Share:
ණයගත් ව්‍යවසායකයින්ට සහනයක් ලැබෙන ලකුණු.

පවතින ආර්ථික අර්බුදය හමුවේ බැංකුවල මූල්‍ය තත්ත්වය ආරක්ෂා කර ගනිමින් ණය ලබාගෙන ඇති ව්‍යවසායකයන් වෙත උපරිම සහන ලබාදෙන ලෙස බැඩ බලන මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය රාජ්‍ය බැංකු ආයතන ප‍්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ද්‍රවශීලතාවය ආරක්ෂා කර ගැනීම සදඟා බැංකු පොලී අනුපාතය ඉහළ දැමීම නිසා ඇතැම් ව්‍යවසායකයින් පීඩාවට පත්ව ඇති බවයි ඊයේ රාජ්‍ය බැංකු ප‍්‍රධානීන් සමග මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

එහිදී බැංකු ප‍්‍රධානීන් සඳහන් කර ඇත්තේ මහබැංකුව ලබාදී ඇති මාර්ගෝපදේශ අනුව යමින් අදාළ සහන ලබාදීමට ඇති හැකියාව සොයා බලන බවයි.

ඒ අනුව අදාළ බැංකු මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍යාංශය දැනුවත් කරන ලෙස ද බැංකු ආයතන ප‍්‍රධානීන්නේ ඉල්ලීමක් කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required