English English සිංහල සිංහල தமிழ் தமிழ்

කජීමාවත්තේ අවතැන්වූවන් තවමත් ප‍්‍රජාශාලාවේ – සතියක් තුළ අගමැති වාර්තාවක් ඉල්ලයි.

Facebook
Twitter
LinkedIn

තොටලඟ කජීමාවත්තේ නිවාස 71 ක තුන්සිය දෙනෙකුට පමණ උන්හිටිතැන් අහිමි කළ ගින්න සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සතියක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන උපදෙස් දී තිබෙනවා.

කොළඹ දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී එම ගින්න සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුවට අග‍්‍රාමාත්‍යවරයා මේ උපදෙස් ලබා දුන්නා.

තොටලඟ මෝදර උයන මහල් නිවාස සංකීර්ණය අසළ පිහිටි කජීමාවත්තේ නිවාස පෙළෙහි ඊයේ හටගත් ගින්නෙන් නිවාස 60 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී, තවත් නිවාස 11 කට අර්ධ හානි සිදුව ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කළා.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 10 ක් පමණ යෙදවූ අතර ගින්න හට ගෙන පැයකට පමණ පසුව ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සමත් වූ නමුත් ඒ වනවිටත් ගින්නෙන් සිදුව තිබුණේ දැඩි හානියක්.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදු නොවූ අතර, පුද්ගලයින් 306 දෙනෙකු අවතැන් වුණා. ඔවුන් මේ වනවිට මෝදර උයන මහල් නිවාස ප‍්‍රජා ශාලාවේයි තාවකාලිකව රඳවා සිටින්නේ.

නිවාස පෙළෙහි හටගත් ගින්නෙන් විපතට පත්වූවන්ට අවශ්‍ය සහන සලසන ලෙසයි ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ජපානයේ සිට  ජනාධිපති ලේකම් සමන් ඒකනායකට උපදෙස් දී තිබුණේ.

කොළඹ දිස්ත‍්‍රික් ලේකම් ප‍්‍රදීප් යසරත්නද ගින්නෙන් විනාශ වූ නිවාස නිරීක්ෂණය කිරීමට පැමිණ සිටියා.

මේ අතර ගිනිගත් නිවාස පෙළ නිරීක්ෂණයට ගිය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබුර් රහුමාන් ඇතුළු පිරිසකට ජනතා විරෝධය එල්ල වුණා.

මේ අතර, කජීමාවත්තේ තාවකාලික නිවාස හදිසියේම ගිනි ගැනීම සම්බන්ධයෙන් කොළඹ දිස්ත‍්‍රික් ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර, විධිමත් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලා සිටියා.

මෙහිදී අදහස් දක්වමින්, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ප‍්‍රසාද් රණවීර පැවසුවේ, මෙහි සිටින බහුතරයක් දෙනා අනවසර පදිංචිකරුවන් බවයි.

එමෙන්ම, නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීමෙන් මෙහි පදිංචි කෙරුණේ පවුල් 20ක් බවත්, සෙසු සියලූ‍ දෙනා අනවසරයෙන් මෙම ස්ථානයේ පදිංචිවූවන් බවත් ඔහු ප‍්‍රකාශ කළා.

2007 2008 වර්ෂවල දෙමටගොඩ නිවාස ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළ අවදියේදී, එම ප‍්‍රදේශයේ පදිංචිව සිටි පිරිසක් කජීමා වත්තේ පදිංචි කළද, ඔවුන් සියලූ‍ දෙනාට 2014 වසරේදී නිවාස ලබා දී මෙම භූමිය හිස් කළ බවත්, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප‍්‍රසාද් රණවීර ප‍්‍රකාශ කළා.

දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේදී ගින්න සම්බන්ධයෙන් පත් කළ කමිටුවට උපදෙස් දෙමින් අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ, ගෙවුණු වසර එක හමාරක කාලය තුළ තුන්වරක් මෙම නිවාස පේළිය ගිනිගත් බැවින්, එම පරීක්ෂණ වාර්තාද සැලකිල්ලට ගනිමින් අවසාන වාර්තාව සකසා තමන් වෙත භාර දෙන ලෙසයි.

නාගරික සංවර්ධන අධිකාරිය, මෙම ප‍්‍රදේශය තාවකාලික රැඳවුම්පොළක් බවට පත් කර ගැනීම මින් ඉදිරියට නවතා දැමිය හැකි නම්, මෙවැනි ගැටළු ඉදිරියට මතු නොවන බව අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙහිදී ප‍්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000